20th October 2023 10:30:21 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) සම්බන්ධීකරණයෙන් 2023.10.20 දියතලාව කදුරුගමුව මිහිදු විද්‍යාලයේ දරුවන් හැට එක් දෙනෙකු සඳහා පාසල් පාවහන් හා අනෙකුත් සියළු දරුවන් සදහා අධ්‍යාපනය සඳහා අවශ්‍ය අභ්‍යාස පොත් කට්ටල ලබා දෙන ලදි.
19th October 2023 10:30:03 Hours
මේ දිනවල පවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අලවතුගොඩ වලහේන කණිෂ්ඨ විද්‍යාලයේ පංති කාමර පිහිටි ශාලා දෙකක ජලය ගලා බසින කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් එම ස්ථානය නායයෑමේ අවදානමකට ලක්ව ඇති බව අකුරන ප්‍රාදේශිය ලෙකම් තුමිය විසින් 11 පාබල සේනාංක මූලස්ථානය වෙත දැනුම් දෙන ලදි.
18th October 2023 17:57:22 Hours
12 පාබල සේනාංක මුලස්ථාන බල ප්‍රදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලය සදහා තෙදින වැඩමුලුවක් 2023.10.12 දින සිට 2023.10.14 දින දක්වා එම රෝහල වෙතින් සංවිධානය කර තිබු අතර , එහි වෘත්තීය සංවර්ධනය සහ මහජන ප්‍රතිරූපය ගොඩනැංවීම යන මාතෘකාව යටතේ දේශණයක් පැවැත්විම සදහා යුද්ධ හමුදා උපදේශක නිලධාරියෙකුගේ සහය එම පාබල සේනාංක මූලස්ථානය වෙතින් ඉල්ලා සිටින ලදි.
16th October 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් ශ්‍රීලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත්, නි/62117 බ්‍රිගේඩියර් ඒඑම්ඒ අබේසිංහ ආර්ඩබ්ලිවුපි අර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 ඔක්තෝබර් මස 16 වන දින පෙ:ව 10.02 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
14th October 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බලප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද මකල්දෙනිය ග්‍රාමනිලධාරී වසමේ 2023.10.14 වන දින අධික වර්ෂා තත්වය හේතුවෙන් නායයාමේ අවදානම් තත්වයක් ඇතිවිම හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලයින් 149 දෙනෙකු පිඩාවට පත්වන ලදි. ඒ පිළිබඳව සැලවීමත් සමඟ ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් එම ස්ථානය වෙත රාජකාරි නියතු ධාවනපැදි කණ්ඩයේ භඨපිරිස් ඇතුලු 03x34 ක භඨපිරිස් එම ස්ථානය වෙත ගොස් දැඩි පරිශ්‍රමයක් යොදා පීඩාවට පත්වුවන් බ/ගනේශ දෙමළ විද්‍යාලය වෙත රැගෙන ගොස් මුදවා ගැනීමට කටයුතු කරන ලදි.
10th October 2023 08:50:58 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදී 74 වන යුද්ධ හමුදා දිනය ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි.
10th October 2023 08:30:00 Hours
74 වන අභිමානවත් යුද්ධ හමුදා සංවත්සර දිනය 11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්එම්එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන නිලධාරි තුමන්ගේ අධික්ෂණය හා මඟපෙන්විම යටතේ ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි.
05th October 2023 09:30:00 Hours
11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.10.04,05 යන දෙදින තුල එම පාබල සේනාංකය යටතේ පාලනය වන 19 ශ්‍රිලංජආබමු ඒකකය වෙත නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි.
04th October 2023 09:43:41 Hours
12 පාබල සේනාංනක මුලස්ථානයේ සේනාංකාධිපති සහ හම්බන්තොට දිස්ත්‍රික් භාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිළධාරි අතර 2023.10.04 වන දින පැවති දුරකථන සාකච්ඡාව මගින් කතිකාකරගත් පරිදි අධික වැසිතත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ කපුවත්ත වැව කෑලියපුර වැව් බැම්මේ ඇතිවු ජල කාන්දු වීම වැලක්විමට සහ මෝදරපිලිවල රිදීගම ඇල හරහා වැටි ඇති ගසක් කපා ඉවත් කිරිම සදහා සිදුවු ආපදාවන් පිළිසකර කිරිම සදහා 2023.10.05 වන දින 01x15 ක භඨ පිරිසක් රපෝර්තු කරවන ලදි.
04th October 2023 09:00:55 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් මේ වන විට රටේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් ආවර්ණය වන පරිදි අධික වර්ෂාව හේතුවෙන් ඇතිවී තිබෙන හදිසි ආපදා තත්වයට මුහුණ දීම සඳහා සහ විපතට පත්වූවන් බේරා ගැනීමටත් අවශ්‍ය සහන සැලසීමට ශ්‍රි ලංකා යුද්ධ හමුදාව ක්‍රියාකරමින් සිටී. මෙම ව්‍යසනකාරී තත්වය ප්‍රධාන වශයෙන් බලපා ඇති මාතර දිස්ත්‍රික්කයෙහි ජනතාව විශාල ප්‍රමාණයක් පීඩාවට පත්ව අවතැන්ව සිටී. මෙම තත්වය පුද්ගලිකව දැකබලාගෙන නිසි අවබෝධයකින් ක්‍රියාකිරීමට අවශ්‍ය උපදෙස් ශ්‍රි ලංකා යුද්ධ හමුදාධීපති විසින් ලබාදෙන ලදී. එහි ප්‍රථිපලයක් ලෙස කඩිනමින් සහන සැලසිම් විධිමත් ආකාරයෙන් මේ වන විට ක්‍රියාත්මකව පවතී.