Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

29th September 2024 18:50:06 Hours

12 වන පාබල සේනාංකයේ බුද්ධි සම්බන්ධීකරණ සාකච්ඡාව

අනෙකුත් ආරක්‍ෂක අංශ සහ පොලිසිය අතර සම්බන්ධීකරණය, සහයෝගීතාවය, තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා බුද්ධි සම්බන්ධීකරණ සාකච්ඡාවක් 2024 සැප්තැම්බර් 28 දින සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.

වැඩසටහන ආරම්භ කරමින් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් JSPW පල්ලෙකුඹුර RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නාවික, ගුවන්, පොලිස් විශේෂ කාර්ය බළකාය, තස්ත්‍රවාදි විමර්ශණ අංශය, මත්ද්‍රව්‍ය මැඩලීමේ පොලිස් විශේෂ ශාඛාව සහ පොලිස් කොට්ඨාශ බුද්ධි අංශයේ යන අංශයන්හි නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. වැඩසටහනෙහි අරමුණ පැහැදිලි කරමින් සේනාංකාධිපති අවධාරණය කර සිටියේ ජාතික ආරක්ෂාව සඳහා බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරුකර ගැනීම ඉතා වැදගත් බවයි.