05th September 2022 10:23:40 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම යටතේ මෙම ආසේමු කඳවුරේ බුද්ධ මන්දිරයක් ඉදිකිරීමට කටයුතු සැලසුම් කරන ලදි. ඒ අනුව 2022.09.05 දින 1023 පැයට යෙදුනු සුභ මොහොතින් බුද්ධ මන්දිරයේ මුල්ගල තැබීමේ උත්සවය පවත්වන ලදි.
05th September 2022 09:00:40 Hours
රටෙහි පවතින ආහාර අර් බුදය අවම කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව විසින් ආරම්භකර ඇති වගා සංග්රාම වැඩපිළිවෙලට සමඟාමීව ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර් ණ අධීක්ෂණය හා මගපෙන්වීම යටතේ භට පිරිස් විසින් සකස් කරන ලද වගා භූමියේ දැනට බෝංචි, ගෝවා, බඩ ඉරිඟු වැනි බෝග අක්කර 3ක ප්‍රමාණයක වගා කටයුතු සිදුකර ඇත.
18th August 2022 09:00:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ප්‍රමානි 1 (ක්‍රියා) තනතුර වශයෙන් ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවට අයත්, නි/ 64095 ලුතිතන් කර්නල් එන්ආර්එම් ද සිල්වා පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 අගෝස්තු මස 18 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
15th August 2022 09:00:40 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බල ප්‍රදේශයට අයත් හම්බන්තොට ඉන්දීය කොමසාරිස් කාර්යාලයේදී 76 වන ඉන්දීය නිදහස් දින සැමරුම් උත්සවය 2022 අගෝස්තු මස 15 වන දින පවත්වන ලදි.
11th August 2022 19:00:40 Hours
ඓතිහාසික රුහුණූ මහ කතරගම දේවාලයේ පවත්වනු ලබන වාර්ෂික ඇසළ මහා පෙරහැර චාරිත්‍රානුකූලව සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් 2022.08.11 වන දින දක්වා සිදු කරන ලදි.
06th August 2022 08:05:40 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි වශයෙන් ශ්‍රිලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත්, කර්නල් එච් පී එන් පරාක්රමවංශ ආර්එස්පී යූඑස්පී (නි/63183) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 අගෝස්තු මස 06 වන දින පෙ:ව 0805 පැයට යෙදුණු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.
04th August 2022 09:00:40 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බල ප්‍රදේශයට අයත් 12 වන පාබල සේනාංකයේ හම්බන්තොට ඉන්දියානු කොන්සියුලර් ජෙනරාල් පිආර් ඩිපින් ඇතුළු ධූත කාර්ය මණ්ඩලය 2022 අගෝස්තු මස 04 වන දින පෙරවරුවේ 12 වන පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වන ලදි.
03rd August 2022 12:00:40 Hours
දිවයින පුරා පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළ ප්‍රදේයේ පිහිටි නොර්ටන් සිට ලක්ෂපාන වෙත දිවෙන මාර්ගයේ 2022.08.03 වන දින ප:ව 1200 පැයට පමණ මාර්ගය මතට පස් කන්දක් කාඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබූ අතර ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් පරිදි එම ස්ථානය වෙත 19 ශ්‍රිලංජාආබමු ඒකකයේ සෙසු නිළයින් දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම ස්ථානය වෙත යොදවා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මාර්ගය යතා තත්වයට පත්කරන ලදි.
03rd August 2022 08:45:40 Hours
දිවයින පුරා පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළ ප්‍රදේයේ පිහිටි නුවරඑළිය හැටන් වෙත දිවෙන මාර්ගයේ බ්ලැක්ෆූල් පුදේශයේ 2022.08.03 වන දින ප:ව 0845 පැයට පමණ මාර්ගය මතට පස් කන්දක් කාඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබූ අතර ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් පරිදි එම ස්ථානය වෙත 3 (සෙව්) ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවේ සෙසු නිළයින් දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව මාර්ගය යතා තත්වයට පත්කරන ලදි
02nd August 2022 13:00:40 Hours
දිවයින පුරා පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළ ප්‍රදේයේ පිහිටි රොසැල්ල වටවල අතර දුම්රිය මාර්ගයේ 2022.08.02 වන දින ප:ව 1320 පැයට දුම්රිය මාර්ගය මතට පස් කන්දක් කාඩාවැටීම හේතුවෙන් දුම්රිය ගමනාගමනය බාධා එල්ලවී තිබූ අතර ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එම් කේ එස් සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ අධීක්ෂණය හා උපදෙස් පරිදි එම ස්ථානය වෙත 19 ශ්‍රිලංජාආබමු ඒකකයේ නිළධාරීන් එක් අයෙකු හා සෙසු නිළයින් පහළොස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම ස්ථානය වෙත යොදවා දැඩි පරිශ්‍රමයකින් අනතුරුව දුම්රිය මාර්ගය යතා තත්වයට පත්කරන ලදි.