15th August 2024 22:11:39 Hours
75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 12 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 121 වන පාබල බලසේනාවට අයත් 18 ගැහේබ භට පිරිස් විසින් මාලිගාවිල ප්‍රදේශයේ දිළිඳු පවුලක් සඳහා නව නිවසක් යුද්ධ හමුදා සම්බන්ධීකරණ අනුග්‍රහයෙන් ඉදිකරන ලදී. එය 2024 අගෝස්තු 13 දින ප්‍රතිලාභී පවුල වෙත භාරදීමට කටයුතු සිදුකරන ලදි.
ඒ අනුව කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ චමින්ද වෙලගෙදර මහතාගේ පවුලේ ධන පරිත්‍යාගයන් යුද හමුදා සම්බන්ධීකරණයෙන් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ සම්පත් මිලදී ගැනීම සිදු කරන ලදි. මෙම කාර්යය 18 ගැහේබ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ ඒකක භඨපිරිස් වල ශ්‍රමදායකත්වයෙන් සිදු කරන ලදී.
එම අවස්ථාව සඳහා 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පි ඒ එම් පිරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන්, ධානපති චමින්ද වෙලගෙදර මහතා සහ පවුලේ සාමාජිකයින්, 12 වන පාබල සේමු නියෝජ්‍ය සේනාංකාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රතිලාභී පවුලේ ඥාතීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.