18th April 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) කදවුරුට යාබදව පිහිටි හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කාර්යාලය වෙතින් 2024 අලුත් අවුරුද්ද සැමරිම අරමුණු කර ගෙන හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ ජීවත්වන සිවිල් ජනතාව සඳහා ඉතා උත්කර්ෂවත් බක්මහා උළෙලක් හෙල ජන සංස්කෘතියට අනුව 2024.04.18 වන දින පවත්වන ලදි.
15th April 2024 08:00:00 Hours
අතිගරු ජනාධිපති තුමාගේ සංකල්පයක් අනුව ،සීමාසහිත සිලෝන් බිස්කට්٫ (CBL) අයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් ළමා සංවර්ධන මධ්‍යස්ථානයන් වෙත සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ත්‍යාග පාර් සල් බෙදාදීමේ වැඩසටහනක් ක්රීයාත්මක කරන ලදි.
15th April 2024 08:00:00 Hours
2024 වර්ෂයේ ඔක්තෝම්බර් මස 10 වන දිනට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අභිමානවත් 75 වසරක් සපිරීම අරමුණු කර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වත්මන් යුද්ධ හමුදාධිපති තුමන් ගේ උදාරතර සංකල්පයකට අනුව ස්ථිර නිවහනක් නොමැති නිවසක සිහිනය යථාර්තයක් බවට පත්කරන්නට වෙර දරණ පවුලක් තෝරා ස්ථිර නිවසක් ඉදිකරදීම සඳහා ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමාගේ පූර්ණ මඟ පෙන්වීම හා උපදෙස් මත සිදු කරලීමට කටයුතු කරන ලදි.
15th April 2024 08:00:00 Hours
11 වන පාබල සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන 112 පාබල බසේමු බළසේනාධිපති වශයෙන් රාජකාරි කරනු ලබන කර්නල් ඩබ්ලිව් ඒ ජේ හේමචන්ද්‍ර RSP පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් ගේ උපදෙස් මත 2024 අප්‍රේල් මස 13 වන දින මහියංගනය පාර, රීදීපාන, බදුල්ල යන ලිපිනයේ පිහිටි වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 45 දෙනෙකු සඳහා දීවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් පවත්වන ලදී.
14th April 2024 11:45:51 Hours
මාතෘ භූමිය වෙනුවෙන් තම වටිනා තාරුණ්‍යය කැප කොට රණක්ෂිතයට පත්ව දීර්ඝකාලීනව නේවාසිකව ،අභිමංසල٫ සුවසහන නිකේතනයන් හි දිවි ගෙවන රණවිරුවන් සමඟ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සතුට බෙදා ගැනීමේ වැඩසටහන් මාලාවක් යුද්ධ හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පාංගොල්ල ،අභිමංසල 3٫ නිකේතනයේදි සිදු කිරීමට කටයුතු යෙදුනු අතර, ඊට සමගාමිව අනෙකුත් ،අභිමංසල٫ මධ්‍යස්ථානයන් හිද 2024 අප්‍රේල් මස 10 වන දින වැඩසටහන් ක්රීයාත්මක කිරීමට කටයුතු යෙදුණි.
14th April 2024 08:00:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල බළඇණියන්හි වර්ථමාන සහ අනාගත අභියෝග වලට හැකිවන අයුරින් පාබල ඒකකයන්හි ඵලදායිතාවය සහ කාර්යක්ෂමතාවය ඉහල නැංවීමේ අරමුණින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා පාබල බළඇණි පුහුණු පාසල - දියතලාව වෙතින් යුද්ධ හමුදා පුහුණු පාසල - මාදුරුඔය තුල ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් පාලනය වන 12 වන බළඇණි ගජබා රෙජිමේවන්තුවේ බළඇණි පුහුණු පාඨමාලාව 2024 පෙබරවාරි මස 14 වන දින පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ආර්එම්එස් රත්නායක ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.
14th April 2024 08:00:00 Hours
අළුත් අවුරුදු උදාව සමඟ ආරම්භවන රුහුණු මහා කතරගම දේවාලයෙහි පස්මහ පෙරහැර මංගල්‍යයන් හි පලමුවැන්න 2024.04.14 වන දින රුහුණු කතරගම බස්නායක නිලමේ තුමන්ගේ ප්‍රධානත්වයෙන් ශුභ මොහොතින් වීදි සංචාරය කරන ලදි.
13th April 2024 19:39:27 Hours
12 වන පාබල සේනාංකයේ 121 පාබල බලසේනා මූලස්ථානය යටතේ බුද්ධි රාජකාරින් ඉටු කරනු ලබන යුද්ධ හමුදා බුද්ධි ක්‍රියාකරුවන් හට ලද තොරතුරකට අනුව මොණරාගල දිස්ත්‍රීක්කයේ කොස්ලන්ද ප්‍රදේශයේ කෙසෙල් වගාවක් තුල රහසිගතව පවත්වාගෙන යන ගංජා වගාවක් 2024 අප්‍රේල් 09 වන දින ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි වැටලීමකට ලක් කරන ලදි.
13th April 2024 08:00:00 Hours
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනු “සීමාසහිත සිලෝන් බිස්කට්” (CBL) අයතනය වෙතින් නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කයන් හි ළමා සංවර්ධන මධ්‍යස්ථානයන් වෙත සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් ත්‍යාග පාර්සල් 1540 ක් බෙදාදීමේ වැඩසටහනක් 2024.04.13 වන දින ක්රීයාත්මක කරන ලදි.
12th April 2024 21:51:37 Hours
11 පාබල සේමු බළප්‍රදේශයට අයත් හන්තාන කඳු ප්‍රදේශයේ සංචාරය කිරීම සඳහා 2024 අප්‍රේල් මස 06 වන දින වයිආර් චමින්ද පිරිස් වයස 44 වන පිරිමි පුද්ගලයකු සහ ඒඑම්ජි චතුරාංගනි අබේකෝන් වයස 34 ක් වන ගැහැණු අයෙකු පැමින ඇති අතර, එම යුවල හන්තාන කඳු ප්‍රදේශයේ අතරමංව සිටින බවට 2(සෙව්) ශ්‍රිලංසීරෙ වෙත එදින 1400 පැයට පමණ තොරතුරක් ලැබි ඇත.