04th January 2023 09:20:43 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව කර් නල් සම්බන්ධිකරණ තනතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබා පාබල රෙජිමේන්තුවට අයත්, නි/63490 කර් නල් AVARK අබේවික්‍රම RWP RSP යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 ජනවාරි මස 04 වන දින පෙ:ව 09.20 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
02nd January 2023 08:00:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය මධ්‍යම උදා වු 2023 නව වසර සදහා වැඩ ආරම්භ කිරිමේ පෙරට්ටුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මෙම මූල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023.01.02 වන දින 0900 පැයට පවත්වන ලදි. රාජකාරි නියුතු සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් / නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රථමයෙන් ජාතික ධජය හා ආරක්ෂක සේනා මුලස්ථාන මධ්‍යම ධජය ඔසවා ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගයනා කරන ලදි.
28th December 2022 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව කර් නල් ප්‍රමානි වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවට අයත්, නි/62993 කර් නල් ඩබ්ලිව්ඒජෙ හේමචන්ද්‍ර RSP පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 දෙසැම්බර් මස 28 වන දින පෙ:ව 0843 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
25th December 2022 00:29:35 Hours
22nd December 2022 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව මානි 1 පාලන තනතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවට අයත්, නි/65382 ලුතිතන් කර් නල් එච්එස්එස්පී සෙනවිරත්න ශ්‍රීලකාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 දෙසැම්බර් මස 22 වන දින පෙ:ව 11.45 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
19th December 2022 08:00:00 Hours
11 වන පාබල සේනාංක මුලස්ථානයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් එස් ආර් බී අලුවිහාරෙ RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.12.19 වන දින ආගමික වතාවත්වලට මූල්තැන දෙමින් සිය ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.
06th December 2022 09:00:00 Hours
12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජිඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ප්‍රදානත්වයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ මො /දෙටගමුව කණිෂ්ඨ විද්‍යාලයේ ඉගනුම ලබන පාසල් සිසුන් 475 දෙනකු සදහා නිළ ඇදුම් සහා දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් 2022.12. 06 වන දින එම විද්‍යලයේදී සිදුකරන ලදි.
29th November 2022 08:00:00 Hours
11 වන පාබල සේනාංක මුලස්ථානය යටතේ පාලනය වන බසේමු/ඒකකයන්හී රාජකාරි කරනු ලබන නිලධාරී/සෙසුනිළයින් සඳහා ජනමධ්යඅම වෙතින් සහභාගි කරවනු ලබන දේශකවරයකු වන පී පී එස් කේ විජෙසිංහ මහතා විසින් මෙහෙයවන DIVERSE IMPACT OF MEDIA ON THE ARMY – PLUSES & MINUSES සබැදි දේශණය 2022.11.29 වන දින 0900 පැයේ සිට 1700 පැය දක්වා අධියර දෙකක් වශයෙන් 11 වන පාබල සේනාංකයේ දේශණ ශාලාවේදී පවත්වන ලදී. මෙම දේශණය සඳහා නිලධාරීන් 22 ක් සහ සෙසුනිලයින් 110 ක ප්‍රමාණයක් සහභාගී වන ලදී.
17th November 2022 09:00:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022.11.17 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් පෙ:ව 0910 යෙදුනු සුභ මොහොතින් ආඥාපති තනතුරෙහි වැඩභාර ගන්නා ලදි.
16th November 2022 09:00:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශය යටතේ රාජකාරි ඉටුකරනු ලබන ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ඇතුළුව ඒකක අණදෙන නිලධාරීන් හා නිලධාරීන් තිස් අටදෙනෙකු සඳහා පුහුණු වැඩමුළුවක් දියතලාව ස්වෙච්ඡා බල පුහුණු පාසලේ දේශණ ශාලාවේදී 2022.11.16 හා 17 වන දෙදින තුල පවත්වන ලදි.