Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th March 2024 08:00:00 Hours

දෘෂ්ඨි හා ශ්‍රවණ ඌණතා සහිත දරුවන් ඉගෙනුම ලබන වෙල්ලස්ස“සුභාග්‍ය” විද්‍යාලයේ ඉටුකල යුතු සේවාවන් සදහා යුධ හමුදා ශ්‍රම දායකත්වය ලබා දීම

යුධ හමුදාපතිතුමා ගේ උපදෙස් පරිදි මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල ප්‍රාදේශිය ලේකම් කොඨඨාශයට අයත් කුඹුක්කන ග්‍රාමයෙහි ඇති දෘෂ්ඨි හා ශ්‍රවණ ඌණතා සහිත දරුවන් ඉගෙනුම ලබන වෙල්ලස්ස “සුභාග්‍යා” විද්‍යාලයේ පැවති දරුවන් ඇවිදීමේදී ඇතිවී තිබු අන්තරාදායක තත්වය ඉවත් කිරිම සදහා ඉටුකල යුතු සේවාවන් යුද්ධ හමුදා ශ්‍රම දායකත්වය ඇතිව නිමකර දෙන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව 12 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් හා මගපෙන්විම මත 121 බළ සේනාධිපතිගේ අධික්ෂණයෙන් හා ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමික මේජර් අනුර විජේවික්‍රම මහාතාගේ මුල්‍ය දායකත්වයෙන් පාසල තුල ඇති ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් දැමීම හා වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරිම සඳහා සේනාංකයට අයත් ඉසේරෙ සෙනීන් 07 දෙනෙක් හා 18 ගැහේබ ඒකකයට අයත් සහයක සෙනින් 09 දෙකනකුගේ ශ්‍රම දායකත්වයෙන් 2024 මාර්තු 15 වන දින අදාල සේවාවන් නිමකර එම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ පරිහරණය සඳහා භාර දෙන ලදී.