Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th April 2024 21:25:08 Hours

12 වන පාබල සේනාංකයේ 13 වන සංවත්සරය සැමරීම

12 වන පාබල සේනාංක මුලස්ථානය ස්ථාපිත කර 2024 අප්‍රේල් මස 02 දිනට යෙදුනු 13 වන සංවත්සරය සේනාංකාධිපති මේජර් ජෙනරාල් සීඑස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය මත ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් අභිමාවත් ලෙස සමරන ලදි.

ඒ අනුව තුන් වරු පිරිත් සජ්ජායනාවකින් හා සාංගීත දක්‍ෂිණාවකින් සැමරුමේ ආරම්භය සනිටුහන් කරන ලද අතර, සේනාංක මුලස්ථානයේ රාජකාරි නියුතු සියළු නිලයින්ගේ සුහදතාවය හා ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කිරිමේ අරමුණින් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු කළ අතර, එහි ක්‍රිඩා ජයග්‍රාහි කණ්ඩායම් වෙත සේනාංකාධිපති සුරතින් කුසලාන පිරිනැමිමට කටයුතු කළ අතර, තවද විශේෂ අවශ්‍යතා සහිත ළමුන් රැකබලා ගන්නා හම්බන්තොට ״කංචදේව ළමා නිකේතනයේ״ ළමුන්ගේ ඒකාකාරි ජිවන රාටාවෙන් මුදවා ගැනීමට එම ළමුන් සඳහා හම්බන්තොට නාගරවැව පිහිටි කුරුලු උයන නැරඹිමේ විනෝද සංචාරයක් 2024 අප්‍රේල් මස 01 වන දින සංවිධානය කළ අතර, එදින එම ළමුන් සඳහා ප්‍රණිත දිවා ආහාරයක් සහ කැලිප්සෝ සංගීතය සමඟ විනෝදාත්මක සංගීත වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු කරන ලදි .

2024 අප්‍රේල් මස 02 වන දින උදෑසන හමුදා සම්ප්‍රදානුකූලව සේනාංකාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනමා ආචාර පුද කරන ලද අතර, එදින සේනාංකාධිපති විසින් කඳවුරේ සියළු භඨ පිරිස් ආමන්ත්‍රණය කිරිමෙන් පසු සියළු නිලයින් ගේ සහභාගීත්වයෙන් දිවා භෝජන සංග්‍රාහයක් පවත්වා 13 වන සංවත්සරයේ සාමාප්තිය සනිටුහන් කරන ලදි.