Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th March 2024 08:00:00 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

මොණරාගල දිස්ත්‍රික්කයට අයත් මොණරාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මරගල කන්ද රක්ෂිතය තුල 2024.03.11 වන දින හෙක්ටයාර 20 ක පමණ භූමි ප්‍රදේශයක් පුරා පැතිර යමින් තිබු ලැවු ගින්න 12 වන සේනාංකයට අයත් භඨපිරිස් යෙදවිමෙන් එදින සවස 1430 පැයට පමණ එම ගින්න සම්පුර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කරන ලදි.

ඒ අනුව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් හා මඟපෙන්විම මත 121 පාබල බලසේනාවට අයත් 18 ගැමුණු හේවා බළඇණියේ නිලධාරියකු හා සෙසු නිලයින් විසි පස්දෙනෙකුගෙන් සමන්විත ඛණ්ඩයක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණි ගැනීම සම්පුර්ණයෙන් මැඩ පැවැත්වීමට කටයුතු කරන ලදී.