Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th March 2024 08:00:00 Hours

11 වන පාබල සේනාංක බළප්‍රදේශයේ අඩු අදායම්ලාභී දිළිඳු පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දිම

යුද්ධ හමුදාධිපති තුමාගේ උදාර සංකල්පයකට අනුව අඩු ආදායම්ලාභී දිළිඳු පවුල් සඳහා නිවාස සාදා දීමේ ප්‍රජාසත්කාර වැඩපිළිවෙලක් බළඇණි මට්ටමින් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව 11 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 112 පාබල බසේමු වෙත අයත් 19 ශ්‍රීලංජාආබමු ඒකක වෙතින්‌ ලක්ෂපාන ප්‍රදේශයේ අංක 3/31ඒ, කුඹුරුහේන, ලක්ෂපාන, කේ ජි මාලා මංගලිකා මහත්මිය තෝරාගන්නා ලදී.

ඒ අනුව අදාල නිවසට මුල්ගල තැබීම 2024.03.19 දින උදෑසන අගමික වාතාවත්වලට මුල්තැන දෙමින් සිදුකල අතර, එම අවස්ථාව සඳහා 112 පාබල බලසේනාංකයේ බළසේනාධිපති වශයෙන් රජාකාරි කරනු ලබන කර්නල් ඩබ්ලිව් ඒ ජේ හේමචන්ද්‍ර ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.