Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th March 2024 08:00:00 Hours

යුද්ධ හමුදා කඳවුරු තුල වාහක මර් ධන කටයුතු (VECTOR CONTROL) පිළිබදව වැඩමුළු පැවැත්වීම

යුහ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යකෂ මණ්ඩලයේ අධික්ෂණය යටතේ යුධ හමුදා කඳවුරු තුල වාහක මර්ධන කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා නිවෛහාමාසෞසේඅම නිලධාරි මඩුල්ල සහ CIC පුද්ගලික ආයතනයේ කොන්ගනීගේ මෛත්‍රී ඇන්තනි සාමාන්‍යධිකාරි (මහජන සෞඛ්‍ය) හා අනුපම ප්‍රමොද් එදිරිසිංහ (අ‍ළෙවි විධායක) යන මහත්වරුන් යන නිලධාරින්ගේ සහභාගීත්වයෙන් 2024.03.26 වන දින ඉතාමත් වටිනා දේශනයක් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශන ශාලාවේදි පැවැත්වීමට කටයුතු කරන ලදි.

ඒ සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා ඒ ‍යටතේ පාලනය වන යුධ හමුදා පාසේමු, පාබසේමු, ඒකක සහ පුහුණු පැසැල්හි මානි 2(පාලන/භකාස) නිලධාරින්, ඒකක දෙවන අණදෙන නිලධාරින්, උපකරණ පාලන නිලධාරින්, උපකරණ පාලන සැරයන් මේජර්වරුන් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ද සහභාගි වු අතර, එහිදි ඔවුන්ව දැනුවත් කිරිම සදහා විස්තර ඇතුලත් අත්පත්ත්‍රීකා බෙදාදෙන ලදී.