Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th March 2024 13:26:42 Hours

සෙල්ල කතරගම ගණ දෙවි කෝවිලෙ හි වාර්ෂික පවත්නු ලබන මහා ශිව රාත්‍රි විශේෂ පුජාවට පැමිනෙන බැතිමතුන් සදහා රාත්‍රි ආහාරය පිළියෙල කර දීමට සහය ලබාදීම

12 වන පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් ‍කතරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති සෙල්ලකතරගම පුරාණ ගණදෙවි කෝවිලේ වාර්ෂික පවත්වනු ලබන මහා ශිව රාත්‍රි විශේෂ පුජාවට දිවයිනේ නන් දෙසින් බැතිමතුන් විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදි. ඔවුන් උදෙසා ගණදෙවි කෝවිලේ මැදිහත්වීම මත පිළියෙල කර ලබාදීමට යෙදුනු රාත්‍රි ආහාර වේල සකස්කර ගැනීම සදහා අවශ්‍ය සහය ලබා දෙන මෙන් එහි ප්‍රධාන කපු දුරන්දර ඉමල් දිසානායක ස්වාමින් විසින් 12 වන පාලබ සේනාංකාධිපති තුමාගෙන් සහය ඉල්ලීමට කටයුතු කර ඇත.

ඒ අනුව 2024.03.08 වන දින පැවැත්වු මෙම විශේෂ රාත්‍රි පුජාව සදහා 5000 කට අධිකව බැතිමතුන් පිරිසට ආහාර පිළියෙල කර දීම‍ටත් ආහාර පිළිගැන්වීම සදහාත් 20 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 3 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවට අයත් සෙබලුන්ගේ දායකත්වයෙන් එදින රාත්‍රි සිට පසුවදා උදෑසන තෙක් සහය ලබාදීමට කටයුතු කර ඇති බැව් දන්වා සිටිමි.