Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th April 2024 17:46:44 Hours

මොණරාගල මුණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ සිසු වෙත පාසල් නිල ඇදුම්, උපකරණ සහ දෙමාපියන් වෙත වියලි සලාක පරිත්‍යාග කිරීම

මොණරාගල දිස්ත්‍රීක්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් ඉගෙනුම ලබන පාසලක් වන ،මුණසිංහ ප්‍රාථමික විද්‍යාලයෙ හි٫ සිසු දරුවන් 30 දෙනෙකු සඳහා පාසල් නිල ඇදුම් සඳහා වන රෙදි සහ එම රෙදි මැසීම සඳහා වියදම් මුදල්, පාසල් උපකරණ, කුඩා දරුවන් සඳහා සෙල්ලම් භාණ්ඩ, ගුරු මණ්ඩලය සඳහා විශේෂ ත්‍යාගයන්, දෙමාපියන් 30 කු සහ 121 පාබල බසේමු හි රාජකාරි කරනු ලබන සිවිල් සේවක මහත්වරුන් 15 දෙනෙකු සඳහා රු: 6500.00 ක් පමණ වටිනා වියලි සලාක අඩංගු මළු ලබාදීම ،හෝප් ෆෝ ලයිෆ් ලංකා٫ (Hope For Life Lanka) පදනම මගින් 2024 අප්‍රේල් මස 06 වන දින සිදු කරන ලදි.

‍ඒ අනුව මෙම සත්ක්‍රියාව සදහා 12 වන පාබල සේනාංකයේ සේනාධිපති, 121 බළසේනාවේ බළසේනාධිපති ඇතුළු ،හෝප් ෆෝ ලයිෆ් ලංකා٫ පදනමේ සභාපති ගාමිණි හරණගේ මහතා හා එම මහත්මිය මෙන්ම එම පදනමේ නියෝජිතයින්, විදුහල්පති ඇතුළු ගුරුභවතුන්, පාසල් දුවා දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් සහභාගි වු අතර, උත්සවය අවසානයේ පැමිණි සිටි සියළු දෙනා වෙනවුවෙන් එම සංවිධානයේ පුර්ණ අනුග්‍රහයෙන් ප්‍රණිත දිවා ආහාරය ලබාදීමට ද කටයුතු සිදු කරන ලදි. මෙම සත්ක්‍රීයාව සදහා Hope For Life Lanka ආයතනය මගින් රු: 6,50,000.00 ක පමණ මුදලක් වැය කිරීමට කටයුතු කර ඇත.