03rd March 2023 12:30:00 Hours
03rd March 2023 09:00:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 23 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේ ඒ ඒස් ගුණවර්ධන RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා ප්‍රතිපාදන වැය කොට සෙසු නිලයින්ගේ ප්‍රයෝජනය සඳහා නාන කාමර හා වැසිකිළි පද්ධතියක් 2023.03.03 වන දින අණදෙන නිලධාරී තුමන්ගේ සහභාගිත්වයෙන් විවෘත කරන ලදි.
03rd March 2023 08:00:00 Hours
රටපුරා පවතින වෘතීය සමිති වැඩවර්ජනය හේතුවෙන් විවිධ සේවාවන්ට බාධා එල්ල වු අතර අඩාල වී ඇති අතවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා දායකත්වය දක්වන ලදි.
21st February 2023 10:00:00 Hours
බදුල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ මූලිකත්වයෙන් 2023.02.21 දින දහසක් භික්ෂූන් වහන්සේලා උදෙසා දහවල් දානමය පිංකමක් බණ්ඩාරවෙල නගරසභා ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.
19th February 2023 19:00:00 Hours
ශ්‍රිපාද වන්දනාවේ ගොස් යලි පැමිණෙමින් සිටි වන්දනා කරුවන් රුගත් බස් රථයක් නොටන් බ්‍රිජ් ප්‍රදේශයේ ටැප්ලෝ ප්‍රදේශයෙදී ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුවන ලදි. බස් රථය අඩි සියයක් පමණ ප්‍රපාතයට පෙරලී ගොස් ඇත.
19th February 2023 10:00:00 Hours
මෙම මූල බල ප්‍රදේශයට අයත් උඩුදුම්බර ඟැරඩිගල කඳු ප්‍රදේශය තරණය කල පිරිම් පුද්ගලයින් 31 ත් හා කාන්තාවන් දෙදෙනෙකු 2023.02.19 දින 1830 පැයට පමණ අධීක මිදුම හා වර් ෂාපතනය හේතුවෙන් අතරමංවු අතර යුද්ධ හමුදා මැදිහත්වීමෙන් අතරමං වුවන් මුදවා ගනී.
18th February 2023 09:00:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ මඟ පෙන්වීම මත 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් පරිදි 23 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් කේඒඑස් ගුණවර්ධන RWP RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් හා දානපතින්ගේ පරිත්යාගයෙන්ඒකක බල ප්‍රදේශයේ වෙසෙන දිළිදු පවුල් කිහිපයක 1 සිට 5 වසර දක්වා ඉගෙනුම ලබන දුවා දරුවන් 30 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2023.02.18 වන දින 0900 පැයට එම විද්‍යලයේදී සිදුකරන ලදි.
18th February 2023 09:00:00 Hours
පාසල් ළමුන්ගේ අනාගත අභිවෘධිය උදෙසා හල්දුම්මුල්ල ශ්‍රී සුදර් ශනාරායේ විහාරාධිකාරි කහගොල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව ශිෂ්‍යත්ව හා පරිත්‍යාග පිරිනැමීමේ උත්සවය ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) සංවිධානයෙන් යුතුව 2022.02.18 වන දින හල්දුම්මුල්ල ශ්‍රී සුදර් ශනාරාමයේ විහාරස්ථානයේ දී සිදු කරන ලදි.
14th February 2023 20:00:00 Hours
ආරක්ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් මහනුවර වටගොඩ මහකන්ද ප්‍රදේශයේ 2023.02.14 වන දින ලැව් ගින්නක් ඇතිවු අතර, එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි නිලධාරින් දෙදෙනෙකු හා 10 ක භඨපිරිස් ප්‍රමාණයක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
14th February 2023 09:30:00 Hours
11 වන පාබල සේනාංක මූලස්ථානයේ 13 වන සංවත්සරය 2023.02.15 වන දිනට යෙදී තිබුණු අතර එයට සමඟාමීව 11 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් ආර් බී අළුවිහාරෙ RWP RSP ndu psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උදාර සංකල්පයකට අනුව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව අන්දමින් පවත්වන ලදි.