Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th April 2024 21:59:04 Hours

අවදානමට පෙර සුදානම - මලිතගොල්ල ප්‍රදේශය

2024.04.29 වන දින ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල ප්‍රාදේශිය ලේඛම් කොට්ඨාශයට අයත් ඇල්ල වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය නායයාමේ අවදානමට ලක්ව ඇත.

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ආපදා කළමනාකරන සහකාර අධ්‍යක්ෂක තුමාගේ දැනුම් දීම මත එම ප්‍රදේශයේ ජිවත්වන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව හා සිදුවිය හැකි වියසනය මගහරවා ගැනිම සදහා 112 පාබල බසේමු යටතේ පාලනය වන 2 ශ්‍රිලංරබ ඒකකය වෙතින් 00 x 12 ක, 3 (සෙව්) ශ්‍රීලංසිරෙ ඒකකය වෙතින් 00 x 10 ක් හා 23 විපාරෙ ඒකකය වෙතින් 01 x 08 ක භට පිරිසක් රපෝර්තු කර නාය යෑමේ අවධානම සහිත ප්‍රදේශයට කඳුමුදුනත සිට ගලා එන දිය සීරා වෙනත් දිශාවකට හරවා කාණු පද්ධතිය සකස් කිරීමට සමත් විය.