Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st May 2024 11:17:44 Hours

ඓතිහාසික ශ්‍රී පාදස්ථානය වැදපුදා ගැනීම සදහා අනුග්‍රාහය දැක්වීම

ඓතිහාසික ශ්‍රී පාදස්ථානය වැදපුදා ගැනීම සදහා 2024.05.01 සහ 02 යන දෙදින මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් 60 ක කණ්ඩායමක් සහ ඔවුන් සමග එකතුවන ලද දෘශ්‍යාබාධිත 40 ක කණ්ඩායමක් විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් විසිනු ලබාදුන් උපදෙස් හා මඟ පෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේමු බල ප්‍රදේශයේ ස්ථාපිත 19 ශ්‍රීලංජාආබමු ඒකකයේ අණදෙන නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පාලනය වන සමනල අරණ නිවාඩු නිකේථනය ඔවුන්ගේ නවාතැන් වෙනුවෙන් සූදානම් කර දීම හා එම කණ්ඩායම වෙත අවශ්‍ය ආහාර පහසුකම් පිළියෙල කර දීමට 19 ශ්‍රීලංජාආබමු ඒකකය විසින් කටයුතු කර අවශ්‍ය සත්කාරකත්වය ලබාදීමට කටයුතු කර ඇත.