Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

16th June 2024 17:14:15 Hours

වියලි ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීම

12 වන පාබල සේනාංක බලප්‍රදේශයට අයත් මොණරාගල දිස්ත්‍රීක්කයේ ගෝණගංආර බුත්තල ප්‍රදේශයේ බුද්ධි රාජකාරින් ඉටු කරනු ලබන යුද්ධ හමුදා බුද්ධි ක්‍රියාකරුවන් හට ලද තොරතුරකට අනුව වියලි ගංජා කිග්‍රෑ 2 ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙක් 2024 ජුනි 07 වන දින අත්අඩංගුවට ගෙන වැඩි දුර පරික්‍ෂණ කටයුතු සඳහා ගෝණගංආර පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

මෙම වැටලීම සිදුකිරිමට යුද්ධ හමුදා බුද්ධි ක්‍රීයාකරුවන්ට සහයට ගෝණගංආර පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කරනු ලබන නිලධාරින් සම්බන්ධ වි සහයෝගය ලබාදීමට කටයුතු කරන ලදි.