03rd October 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ඩබ්ලිව්එච්ආර්ආර්වීඑම්එන්ඩිකේබී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ මග පෙන්වීම හා සම්බන්ධීකරණයෙන් ලෝක ළමා දිනය නිමිතිකොට 2023.10.03 දියතලාව කදුරුගමුව මිහිදු විද්‍යාලයේ දරුවන් හා ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් සත්කාරමය වැඩසටහන් ත්‍රිත්වයක් බණ්ඩාරවෙල සිංහ සමාජයේ පූර්ණ අනුග්රාහයෙන් එම විද්‍යාල පරිශ්‍රයේදී හා දියතලාව යුධ හමුදා ගොල්ෆ් සමාජ ශාලාවේදී පවත්වන ලදී.
29th September 2023 09:31:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 12 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් මොණරාගල ප්‍රාදේශිය ලේකම් කොට්ටාසයේ දිග්ගල් අරඹ කන්ද ප්‍රදේශයේ 2023.09.29 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ මෙම මූල ආඥාපති තුමාගේ උපදෙස් පරිදි එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් විසිපස්දෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත රපොර්තු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.
25th September 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව කරනල් සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායට අයත්, කර්නල් ඒ එච් ආර් හසන්ත ආර්එස්පී පීඑස්සී (නි/64974) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 සැප්තැම්බර් මස 25 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
19th September 2023 09:30:00 Hours
11 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්එම්එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023.09.19 වන දින, මෙම පාබල සේනාංකය යටතේ පාලනය වන 111 පාබල බසේමු සහ 2 (සෙව්) ශ්‍රිලංසිරෙ ඒකකය වෙත නිරික්ෂණ සංචාරයක නිරත වන ලදි.
16th September 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ RWP RSP VSV USP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර් ණ මඟපෙන්වීම හා උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ ශ්‍රමදානමය වැඩසටහනක් සිදුකරන ලදී.
12th September 2023 09:00:00 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් WWHRRVMNDKB නියංගොඩ RWP RSP VSV USP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර් ණ මග පෙන්වීම හා සම්බන්ධීකරණයෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන යුධ හමුදා මූලික රෝහල තුලින් ප්රථීකාර ලබාගන්නා රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා ඉතා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටල තාක්ෂණික උපකරණ දියතලාව යුධ හමුදා මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිදුකරණ ලදී.
27th August 2023 12:09:14 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ මග පෙන්වීම හා සම්බන්ධීකරණයෙන් යුතුව ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ රාජකාරි නියතු සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය පාසල් උපකරණ කට්ටල ලබාදීමේ වැඩසටහනක් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍ය මිතුරු කැල සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය ආදිශිෂ්‍ය මිතුරු කැල සමගින් පිහිටුවා ඇති අතහිත පදනමේ නිර්මාතෘ ප්‍රසාද් ලොකු බාලසුරිය මහතාගේ අනුග්‍රාහකත්වයෙන් 2023.08.19 වන දින ආරක්ෂක සේනා මූලස්ථාන කඳවුරු පරිශ්‍රයේදී ලබාදීමට කටයුතු කටයුතු කරන ලදී.
26th August 2023 15:40:25 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉන්ජිනේරු බලකායට අයත්, කර්නල් ආර් ටී ලොකුතොටහේවා යූඑස්පී පීඑස්සී (නි/63457) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 අගෝස්තු මස 24 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
16th August 2023 09:30:00 Hours
ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩී කේ බී නියන්ගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යුඑස්පී වීඑස්වී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි අන්ත්‍රාදායක ඖෂධ හා මත්ද්‍රව්‍ය වලින් වැලකීම පිලිබද හරවත් දේශණයක් 2023.08.16 වන බදාදා දින ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) දේශණ ශාලාවේදි පවත්වන ලදි.
16th August 2023 08:30:00 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයේ නරියා කඳු ප්‍රදේශයේ නිදන් කන්ද ආශ්‍රිතව 2023.08.16 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්ෂක සේනා ආඥාපති තුමාගේ උපදෙස් පරිදි මෙම මූලයේ එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් දහාඅට දෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.