Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th September 2024 08:00:00 Hours

බැරගම ප්‍රාදේශීය රෝහලේ වාට්ටු සංකීර්ණය යුද හමුදා දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ කිරීම.

12 වන පාබල සේනාංකයේ භට පිරිස් විසින් අම්බලන්තොට බැරගම ප්‍රාදේශීය රෝහලේ වාට්ටු සංකීර්ණය, වැසිකිලි පද්ධතිය සහ හෙද විවේකාගාරය ප්‍රතිසංස්කරණය කරන ලදී.

ඒ අනුව, රෝහල් කාර්යය මණ්ඩලය විසින් ඉදිකිරීම් ද්‍රව්‍ය සහ අනෙකුත් අවශ්‍යතාවයන් ලබා දුන් අතර, 12 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපතිගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය සිදුකරනට යෙදුනි. එම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් විසින් සිය ශ්‍රමදායකත්වය ලබා දෙන ලදි.

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීකේඩබ්ලිව්ඩබ්ලිව්එම්ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වාට්ටු සංකීර්ණය 2024 සැප්තැම්බර් 04 වන දින උත්සවාකාරයෙන් කාර්යය මණ්ඩලය වෙත භාර දෙන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, රෝහලේ කාර්ය මණ්ඩලය සහ ගම්වාසීන් සහභාගී වන ලදි.