Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th September 2024 13:31:37 Hours

11 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් කේඒයු කොඩිතුවක්කු ආර්එස්පි යුඑස්පි පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය ධුරයේ රාජකාරි භාර ගැනීම

11 වන පාබල සේනාංකයේ නව සේනාකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් කේඒයු කොඩිතුවක්කු ආර්එස්පි යුඑස්පි පිඑස්සි අයිජි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 සැප්තැම්බර් මස 06 වන දින පාබල සේනාංක මුලස්ථානයේදි ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් හමුදා විධිවිධාන අනුව නව ධුරයේ රාජකාරි භාරගන්නා ලදි.

නව සේනාංකාධිපති සේනාංක මුලස්ථානය වෙත පැමිනීමෙන් පසු 10 වන පාබල ගජබා රෙජිමේන්තුව විසින් කඳවුරු සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනැමිමෙන් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායානා මධ්‍යයේ සේනාංකාධිපති ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.

සේනාංකාධිපති සිය රාජකාරි භාර ගැනීම සනිටුහන් කරමින් නිල ලේඛණයට අත්සන් තැබීය. ඉන් පසුව සමුහ ඡායාරූපයක් සඳහා පෙනිසිට සියළු නිළයින් සහභාගීත්වයෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්වු අතර, ඒ සඳහා සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් සහ සෙසු නිළයින් සහභාගි වන ලදි.