02nd December 2023 19:00:17 Hours
111 පාබල බලසේනා මුලස්ථාන බල ප්‍රදේශයට අයත් හන්තාන කදු ප්‍රදේශයේ සංචාරය කිරීම සදහා රාගම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුන් 183 යුත් පිරිසක් 2023.12.02 වන දින 1730 පැයට පමණ හන්තාන කදු ප්‍රදේශයේ සංචාරය සදහා පිටත්ව ගොස් ඇත. තවද, එම සිසුන් හන්තාන ප්‍රදේශයේ අතරමංව සිටින බවට මහනුවර පොලිස් ස්ථානය වෙතින් තොරතුරක් ලබා දෙන ලදි.
01st December 2023 09:00:25 Hours
12 වන සේනාංක බලප්‍රදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රිදීයගම පිහිටා ඇති සෆාරි උද්‍යානය අක්කර 500 ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි දේශිය හා විදේශිය සතුන් විශාල ප්‍රමාණයක් සිටින සංචාරකයින්ට රිසිසේ නැරඹිය හැකි උද්‍යානයකි.
01st December 2023 08:00:07 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් දියතලාව ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2023.12.01 වන දින උදෑසන දියතලාව දුම්රිය ස්ථානයට ආසන්නව දුම්රිය මාර්ගය වෙතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අවහිරව තිබූ අතර ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් එක් නිලධාරීයෙකු හා විසිපස්දෙනෙකුගෙන් යුත් භට පිරිසක් යෝදවා යලි දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි.
30th November 2023 09:30:44 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (මනෝවිද්‍යා මෙහෙයුම්) නිලධාරී වශයෙන් 2023 නොවැම්බර් මස 13 දින ඇතුලත් කිරිම්/පත්කිරිම් සිදුකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු රෙජිමේන්තුවට අයත්, ලුතිතන් කර්නල් ටී එස් මාර්සෝ යුඑස්පී (නි/65062) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 නොවැම්බර් මස 30 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
27th November 2023 15:46:12 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් ආර් වී එම් එන් ඩි කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව මෙම මූලයේ හා මෙම මූලය යටතේ පාලනය වන පාබල සේමු හී කාන්තා සෙබළියන් සඳහා දින 14ක සංස්කරණ පුහුණූ පාඨමාලාවක් 2023.11.13 වන දින සිට 2023.11.25 වන දින දක්වා බලඇණි පුහුණූ පාසල දියතලාව වෙතින් පවත්වන ලදි.
26th November 2023 08:40:10 Hours
දැනට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් ඇල්ල ප්‍රදේශයේදී ඇල්ල වැල්ලවාය මාර්ගයේ 16 කණුව අසල කරදගොල්ල ග්‍රාමසේවා වසමේ මලිත්තගොල්ල ග්රාමයෙ හදිසි නායයෑමේ අවදානමක් ඇතිබව 2023.11.26 වන දින උදැසන ඉහත මාර්ගයේ ගමන් ගත් 112 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි වෙත නිරික්ෂණය වන ලදි.එ සබැදිව එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින්112 පාබල බලසේනාංකාධිපති තුමන් දැනුවත් කිරිමේන් පසු ක්ෂණීකව එය පිලිබදව 11 වන සේනාංකාධිපති තුමා හා ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) අඥාපති තුමන් දැනුවත් කර උපදේස් ලබාගන්නා ලදි. ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) අඥාපති තුමන් ලබා දුන් උපදෙස් පරිදි ඉහත නායයෑම සබැදිව බදුල්ල දිස්ත්‍රික්කයේ,ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තුමන් දැනුවත් කල අතර, ඔහු විසින් සියළු පර්ශවයන් දැනුවත් කිරිමට ක්‍රියා කලේය.
23rd November 2023 09:18:57 Hours
12 පාබල සේනාංනක මුලස්ථාන බල ප්‍රදේශයට අයත් හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ යහන්ගල ව්ද්‍යාලයේ සිසුන් 65 දෙනෙකු සඳහා 2024 වර්ෂයට අවශ්‍ය පාසල් පොත් සහ උපකරණ කට්ටල බෙදාදිමේ වැඩසටහනක් 2023.11.23 වන දින හ/යහංහල පාසලේදි 12 පාබල සේනාංනක මුලස්ථානයේ සේනාංකාධිපති තුමන්ගේ පරිත්‍යාගයෙන් සිදුකරණ ලදී.
22nd November 2023 09:00:09 Hours
11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්එම්එම් රණසිංහ ඩබ්ලිව් ඩබ්ලිව් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව මෙම සේනාංකය හා ඒ යටතේ පාලනය වන පාබල බසේමු,ඒකකයන් හි රාජකාරි නියුතු නිලධාරින් සහ සෙසුනිලයින්ගේ මානසික සෞඛ්‍ය වර්ධණය කිරිම සඳහා “මා සොයන මම”
22nd November 2023 08:24:20 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් ඔහිය ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2023.11.22 වන දින උදෑසන ඔහිය 31 බිම්ගෙයට ආසන්නව දුම්රිය මාර්ගය වෙතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අවහිරව තිබූ අතර ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් කිලො ම්ටර් 4 ක් පමන අධ්ක වර්ෂාව මැද්දේ දුස්කර පා ගමනකින් ගොස් එක් නිලධාරීයෙකු හා විසිදෙනෙකුගෙන් යුත් භට පිරිස සමග දුම්රිය දේපාර්තමේන්තුවේ සේවකයින් සහ ප්‍රදේශවාසින් පිරිසකගේ සහභාගිත්වයෙන් යලි දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි
21st November 2023 13:28:55 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් දියතලාව ප්‍රදේශයේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2023.11.20 වන දින සන්ද්‍යා කාලයේ දියතලාව දුම්රිය ස්ථානයට ආසන්නව දුම්රිය මාර්ගය වෙතට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අවහිරව තිබූ අතර, ඒ පිළිබඳව සැලවීම්‍ත් සමඟ ආරක්ෂක සේනා (මධ්‍යම) වෙතින් එක් නිලධාරීයෙකු හා විසිදෙනෙකුගෙන් යුත් භට පිරිසක් යෝදවා දියතලාව දුම්රිය ස්ථානයේ සෙවක පිරිස් සමඟ සහයෝගයෙන් යලි දුම්රිය ධාවනය කිරීම සඳහා කටයුතු සිදු කරන ලදි