Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th November 2024 08:00:00 Hours

අගුණුකොළ වැව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ට පාසල් උපකරණ බෙදාදීම

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මැදිහත්වීම මත සූරියවැව අගුණුකොළ වැව විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් වෙත පාසල් බෑග්, අභ්‍යාස පොත් සහ පාසල් පාවහන් සඳහා තෑගි වවුචරයක් (රු. 3500.00 ක් වටිනා) බෙදාදීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් 21 වන දින එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකරන ලදී

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එස් බී ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් සූරියවැව අගුණුකොළ වැව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 48 දෙනෙකුට සඳහා ඇක්සස් ඉංජිනියරින් පුද්ගලික සමාගමට අනුබද්ධිත සතොස මෝටර්ස් ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් පාසල් බෑග් සහ අභ්‍යාස පොත්, පාසල් පාවහන් වව්චර්පත් බෙදාදීම සිදුකල අතර, එයට සමගාමීව “මනුසත් දෙරණ” වැඩසටහන යටතේ එම පාසල වෙත ව්‍යායාම උපකරණ හා ක්‍රීඩා කට්ටල පරිත්‍යාග කිරිමක්ද සිදුකරන ලදී. තවද, සහභාගිවු පාසල් ළමුන් සඳහා කෙටි ආහාර වේලක්ද ලබාදීමටද කටයුතු සිදුකර ඇත.