10th March 2024 13:26:42 Hours
12 වන පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් කතරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති සෙල්ලකතරගම පුරාණ ගණදෙවි කෝවිලේ වාර්ෂික පවත්වනු ලබන මහා ශිව රාත්‍රි විශේෂ පුජාවට දිවයිනේ නන් දෙසින් බැතිමතුන් විශාල ප්‍රමාණයක් සහභාගි වන ලදි. ඔවුන් උදෙසා ගණදෙවි කෝවිලේ මැදිහත්වීම මත පිළියෙල කර ලබාදීමට යෙදුනු රාත්‍රි ආහාර වේල සකස්කර ගැනීම සදහා අවශ්‍ය සහය ලබා දෙන මෙන් එහි ප්‍රධාන කපු දුරන්දර ඉමල් දිසානායක ස්වාමින් විසින් 12 වන පාලබ සේනාංකාධිපති තුමාගෙන් සහය ඉල්ලීමට කටයුතු කර ඇත.
10th March 2024 13:24:13 Hours
112 වන බල සේනා මුලස්ථාන බල ප්‍රදේශයට අයත් බදුල්ල දිස්ත්‍රික්කය තුල ජිවත්වන අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව උසස් පෙල විභාගය සඳහා පෙනි සිටිමට නියමිත සීසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදිමෙ සම්මුඛ පරික්ෂණයක් 112 පාබල බසේමු බළසේනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් හා වීදේශිය ධානපතියෙකුගේ අනුග්‍රහකත්වය මත 2024.02.10 වන දින 1400 පැයට හල්දුම්මුල්ල දෙමළමහ විද්‍යාලය තුලදි පවත්වන ලදී.
08th March 2024 16:55:52 Hours
කතරගම සිට බුත්තල මාර්ගයේ සෙල්ලකතරගම සිට ගෝණගංආර දක්වා යාල වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගය දෙපස නිරන්තරයෙන් ගැවසෙන වන අලින් ඇතුළු සතුන් හට එම මාර්ගය භාවිතා කරන අයවළුන් විසින් පලතුරු හා වෙනත් ආහාර පොලිතීන් සහ ප්ලාස්ටික් බඳුන් වල දමා ලබාදිම සිදුකරනු ලබයි.එම පොලිතීන් හෝ ප්ලාස්ටික් බදුන් දීර්ඝ කාලයක් තිස්සේ වනාන්තරයට බැහැර කිරීම හේතුවෙන් කි:මි: 08 ක් පමණ වු මෙම මාර්ගය දෙපස අපවිත්‍ර වී ස්වාභාවික සුන්දරත්වයට සහ වන සතුන්ගේ ජීවිතවලට ද විශාල බළපෑමක් එල්ලකර තිබිනි.
08th March 2024 09:25:21 Hours
ආරක්ෂක සේනා මූලස්ථාන (මධ්‍යම) බල ප්‍රදේශයේ ස්ථාපිත නාවෙල නමුනුකුල මහ විදුහලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක තරඟය වන මැරතන් ධාවන තරඟය විනිශ්චය කටයුතු සඳහා යුද හමුදා සහාය ලබාදෙන ලදි.
07th March 2024 20:59:07 Hours
ශ්‍රි ලංකා ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමිව පැවැත්වෙන 25 වන ගුවන් හමුදා පා පැදි සවාරිය 2024.03.03 වන දින කොළඹ Galface green හිදි ගුවන් හමුදාධිපති තුමන් විසින් ධජය ඔසවා පා පැදි සවාරිය ආරම්භ කරන ලද අතර, එම පා පැදි සවාරිය සඳහා දේශිය සහ විදේශිය යන දෙඅංශයෙන්ම පිරිමින් එකසීය හතරකට අධික සංඛ්‍යාවක් සහභාගිවන ලදී.
02nd March 2024 17:16:31 Hours
යුද්ධ හමුදාධිපති ගේ උදාර සංකල්පයකට අනුව අඩු අදායම්ලාභී දිළිඳු පවුල් සඳහා නිවාස සාදා දීමේ ප්‍රජාසත්කාර වැඩපිළිවෙලක් බළඇණි මට්ටමින් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව 12 වන පාබල සේනාංකය වෙතින් සාදා දීමට නියමිත දෙවන නිවස ලබාදීම සඳහා මොණරාගල දිස්ත්‍රික්කයේ කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගෝතමීගම ග්‍රාම නිළධාරි වසමේ පදිංචි කුඩා දරුවන් තිදෙනෙකු ඇතුලු පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ගෙන් යුතු වයි එස් බී තුසිත කුමාර සිල්වා මහතා තෝරාගන්නා ලදී.
27th February 2024 22:39:45 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් නුවරඑලිය ශාන්තිපුර කතෝලික දේවස්ථානයේ කන්‍යාරාමය අවට පරිසරය සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 3 (සෙව්) ශ්‍රීලංසිරෙ ඒකකය වෙතින් 2024.02.26 වන දින 00x10 භට පිරිස් සංඛ්‍යාවක් සහභාගි කරවා එම කතෝලික දේවස්ථානයේ අවට පරිසරය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානමය වැඩසටහන සිදුකරන ලදී
27th February 2024 19:33:16 Hours
යුද්ධ හමුදාධිපති තුමන්ගේ උදාර සංකල්පයකට අනුව අඩු අදායම්ලාභී දිළිඳු පවුල් සඳහා නිවාස සාදා දීමේ වැඩපිළිවෙලක් සේනාංකයන් වලට අයත් බළඇණි මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවති.
21st February 2024 18:07:41 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එස්ආර්බි අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම හා පූර්ණ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානයේ මධ්‍යම බල ප්‍රදේශය තුල පිහිටි රෑනගල ශ්‍රි වලගම්බා ගිරිලෙන් රජමහා විහාරයේ පූජ්‍ය ගිරිතලේ රවින්ද්රාලංකාර නායක හිමිපානන් විසින් යුද්ධ හමුදාධිපති තුමන් වෙතින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව 2024.02.17 වන දින මිගහකිවුල ජාතික පාසල් ක්‍රීඩාංගනයේදි නැනසල පරිගණක සහතික පත් ප්‍රධාන උත්සවය සහ ප්‍රාදේශිය සිසු නිපුණතා ජයග්‍රහකයන් සහ පොසොන් බැතිගී තුලින් ජයග්‍රහනය ලැබු දරුවන් සදහා කුසලාන සහ සහතිකපත් ප්රදානය කරන ලදි.
21st February 2024 18:02:08 Hours
11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් එම් එම් රණසිංහ ඩබ්ලිව් ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 2024.02.15 සහ 16 යන දෙදින තුල මෙම සේනාංක මුලස්ථානයේ අභිමානවත් 14 වන සංවත්සරයට සමගාමිව වැඩ සටහන් මාලාවක් ඉතා උත්කර්ෂවත්ව පවත්වන ලදි.