Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th February 2025 16:40:39 Hours

122 වන පාබල බලසේනාවේ බලසේනාධිපති ධුරයේ වැඩ භාර ගැනීම

122 පාබල බළසේනාවේ නව බළසේනධීපති ලෙස කර්නල් බීඩීටීඩී ජයරත්න පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 පෙබරවාරි මස 10 වන දින යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ධුරයේ රාජකාරි භාර ගන්නා ලදි.

ඒ අනුව 12 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් සහභාගීත්වයෙන් කඳවුරු සම්මාන මුරයක් පිරිනමමින් ගෞරවචාර්ය පුද කලේය. අනතුරුව කදවුරු භුමියේ පැළයක් රෝපණය කර, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායානා මධ්‍යයේ සුභ මොහොතින් 14 වන බළසේනධීපති ලෙස 122 පාබල බළසේනා බළසේනධීපති ධුරයේ රාජකාරි ආරම්භ කරමින් නිළ ලේඛණයට අත්සන් තබා සමූහ ඡායාරූපයට පෙනි සිටින ලදි.

ඉන් අණතුරුව බළසේනධීපති සියළු නිලයින් ආමන්ත්‍රණය කර සුහද පිළිසඳරක යෙදමින් සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු කළේය.