06th February 2025 14:48:33 Hours
12 වන පාබල සේනාංක මුලස්ථානය විසින් 77 වන ජාතික නිදහස් සැමරුම් දින උත්සවය 12 වන පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එස්එන් හේමරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මුලීකත්වයෙන් 2025 පෙබරවාරි 04 වන දින සේනාංක මූලස්ථාන නිලධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් සේවකයින්ගේ සහභාගීත්වයෙන් අභිමානවත් අයුරින් සමරන ලදි.
මෙහිදි ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කර මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිපත් කර මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා ගෞරවාචාරය පුදකරන ලදි. අනතුරුව පසුගිය දශක තුනක කාලයක් තුල පැවැති කුරිරු යුද්ධයේදී යුධ හමුදාව කළ කැපකිරීම්, සාමය පවත්වා ගැනීම, රට සංවර්ධනය කිරීම සඳහා රජය ගන්නා උත්සාහයන් වෙනුවෙන් වර්තමානයේ හමුදාවේ ප්‍රශංසනීය දායකත්වය අවධාරණය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිවරයාගේ පණිවිඩය භට පිරිස් වෙත කියවන ලදී.
අනතුරුව 77 වන නිදහස් දිනය සනිටුහන් කිරීම සඳහා මූලස්ථාන පරිශ්‍රය වටා පලතුරු පැළ 200 ක් රෝපණය කළ අතර, මෙම අවස්ථාවට 12 පාසේමූ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සෙසු නිලයන් සහ සිවිල් සේවකයින් සහභාගී වන ලදි.