19th February 2025 16:47:21 Hours
11 වන පාබල සේනාංකය යටතේ පිහිටා ඇති 641 පාබල බසේමු බලප්‍රදේශයේ පිහිටි දුෂ්කර ප්රදේශයකක් වන නාරංගමුව ප්‍රාථමික විදුහලේ දුවා දරුවන් සඳහා “බෞද්ධ සිංහල භාරය” යන සංවිධානයේ සහ පරිත්‍යාගශීලින්ගේ මුල්‍යමය අනුග්රාහයෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025.02.13 වන දින 0900 පැයට 641 පාබසේමු බළසේනාංකාධිපති බ්‍රීගේඩියර් යු ආර් අයි බි රණතුංග ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් එම විදුහලේදී පවත්වන ලදි.
ඒ අනුව මෙම වැඩසටහන සඳහා 641 පාබල බසේමු සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව් ඒ කේ යු චන්දික යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු 02x06 කින් යුතු භට පිරිස් ප්‍රමාණයක් ලග්ගල පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරික්ෂක ඩි එල් පද්මරාජ් මහතා, “බෞද්ධ සිංහල භාරය” යන සංවිධානයේ අයිරා සාවිත්‍රී මැදිවක මැතිණිය, ප්‍රීති කොලොන්නගේ මහතා, එම පාසලේ විදුහල්පතිණිය, ගුරු භවතුන්, දෙමාපියන් සහ දුවාදරුවන් සහභාගීවන ලදි.