07th February 2025 15:32:40 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩි කේ එස් කේ දොලගේ USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සෙනීන්ගේ දැනුම වර්ධනය කීරීම සඳහා සෙබළ විනය වර්ධනය කරීම සඳහා 2025.02.05 වන දින සහ 06 වන දිනයන් හි සෙසුනිළයින් සඳහා පුහුණු වැඩසටහනක් සිදුකරනු ලැබීය.
ඒ අනුව පළමු දිනයේදි දැනුම වර්ධනය කිරිම සහ විනය ගරුක සෙබලුන් බිහිකිරීම අරමුණු කරගනීමින් මෝටර් වාහන පනත හැදින්වීම මාර්ග නීති රීති සබැදිව දැනුවත් කිරීම - උප පොලිස් පරිකෂක සිසිර බුලත්සිංහල මහතා රථවාහන පොලිසිය - බංඩාරවෙල, යුද්ධ හමුදා රියදුරන් විසින් සිදුකරනු ලබන රථවාහන වැරදි ඒවා වලක්වා ගන්නා ආකාරය/ක්‍රමවේද සහ යුද්ධ හමුදා රථවාහන වැරදි තුලින් සිදුවන අපකීර්තිය පිළිබඳ දේශණය - ශ්‍රීලයුපොහේබ දේශකයින් විසින් සිදුකරනු ලැබු අතර, පුහුණු වැඩමුළුවේ අවසන් අධිරය ලෙස එස් 5 සංකල්පය පිළිබඳ දේශණය - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - දියතලාව දේශකයකුගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදි.
ඒ අනුව 2025.02.06 වන දින වගකීම් සහිත රියදුරකු සහ රියදුරකු සතු වියයුතු ගුණාංග පිළිබඳ දේශණය, වාහන නඩත්තුව හා සේවා කිරීම/දෝෂ හදුනා ගැනීම පිළිබඳ දේශණය සහ මානසික සෞඛ්‍යය හා රිය අනතුරු පිළිබඳ යන දේශණ යුධ හමුදා නිළධාරින් විසින් ආසේමු (මධ්‍යම) දේශන ශාලාවේදි සිදුකරන ලදි.
මෙම දේශන සඳහා යුධ හමුදා රියදුරන් මෙන්ම අනෙකුත් නිලධාරින් සහ සෙනීන් (10x100) දෙනෙකු සහභාගී වන ලදි.