19th February 2024 17:25:14 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එස්ආර්බි අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම හා උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) යුධ හමුදා කඳවුරු බල ප්‍රදේශය තුල පිහිටි දෝව සිංහල විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් ගේ අධ්‍යනයට වඩාත් හිතකර පරිසරයක් ගොඩනැගීම අභිප්‍රාය පෙරදැරිව එම පාසලේ ඉගෙනුම ලබන සිසුදරුවන් ඔවුන්ගේ දෙමාපියන් සහ රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් 2024.02.17 වන දින විද්‍යාලයේ අවට වල්බිහිවී ඇති පරිසරය සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
18th February 2024 16:57:41 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (ක්‍රියාන්විත) වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවට අයත් ලුතිතන් කර් නල් එම් ඒ සී ආර් මාකවිට ආර්ඩබ්ලිව්පි පිඑස්සී (නි/65029) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 පෙබරවාරි 14 වන දින සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.
14th February 2024 05:25:30 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම බළප්‍රදේශයට අයත් බෙරගල කොස්ලන්ද ප්‍රදේශයේ මෙල්හිම් නිවාඩු නිකේතනයේ හි නාවාතැන් ගෙන සිටි ජර්මන් ජාතික ජෝසෆ් ෆනර් යන ජර්මන් ජාතික පුද්ගලයා 2024.02.14 වන දින සවස් කාලයේ එම ප්‍රදේශයේ සංචාරය කිරිම සදහා පිටව ගොස් ඇති බවත්, ඔහු නැවත නවාතැන් ගෙන සිටි ස්ථානයට නොපැමිණිම නිසාත්, එම ප්‍රදේශයේ අතරමන්ව සිටින බවට 112 බල සේනා මුලස්ථානය වෙතින් තොරතුරක් ලබා දෙන ලදි.
11th February 2024 00:00:00 Hours
12 පාබල සේනාංක බලප්‍රදේශයට අයත් මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ස්ථාපිත ඔක්කම්පිටිය ප්‍රාදේශිය රෝහල මගින් එම ප්‍රදේශයේ දිලිදු පවුල් 200 කට පමණ වෛද්‍ය ප්‍රථිකාර ලබා දෙන අතර, දෛනිකව මෙම රෝහල වෙතින් රෝගින් 70 වක් පමණ වෛද්‍ය ප්‍රථිකාර ලබාගනු ලබයි.
10th February 2024 09:00:00 Hours
ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එස්ආර්බි අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම හා උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) යුධ හමුදා කඳවුරු බල ප්‍රදේශය තුල පිහිටි අල්බද්රියා මුස්ලිම් විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් ගේ අධ්‍යනයට වඩාත් හිතකර පරිසරයක් ගොඩනැගීම අභිප්‍රාය පෙරදැරිව එම පාසලේ ඉගෙනුම ලබන සිසුදරුවන් ඔවුන්ගේ දෙමාපියන් සහ රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් 2024.02.10 වන දින විද්‍යාලයේ අවට වල්බිහිවී ඇති පරිසරය සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
02nd February 2024 08:00:00 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (මධ්‍යම) කඳවුරු බල ප්‍රදේශයේ දියතලාව සිට වැලිමඩ දක්වා දිවෙන අතුරු මාර්ගයේ කළු අඔතැන්න ග්‍රාමයේ ගල්කොරිය අසල බෝක්කුවේ ගල් කැබලි හා අපද්‍රව්‍ය එකතු වී අවහිරවී ජලය මාර්ගය උඩින් ගමන් කිරීම හේතුවෙන් එම තාරපාර කාදනයට ලක්ව අබලන් තත්වයට පත්ව ඇත. ආරක්ෂක සේනා මුලස්ථානයේ (මධ්‍යම) භට පිරිසක් හා 64 ඉංජිනේරු බලඝනයේ JCB යන්ත්‍ර ආධාරයෙන් එම බෝක්කුව අවහිර වීම පිළිසකර කර කාණු පද්ධතිය තුලින් ජලය බැසයන සේ නැවත සකස් කරීමට කටයුතු කරන ලදි .
01st February 2024 08:00:00 Hours
දිවයින පුරා පවතින රෝහල් වැඩවර්ජනය හේතුවෙන් රෝගින්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනිම සඳහා යුද්ධ හමුදා දායකත්වය ලබාදෙන ලදි.
31st January 2024 08:00:00 Hours
මෙම මූල බල ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික ශ්‍රී පාදස්ථාන පුදබිම වැඳ පුදා ගැනීම සදහා මම වැද පුදා ගැනිම සදහා කන්දෙයාය මෙත්තාරාම විහාරස්ථානය පුත්තලමෙහි වැඩ වසන පූජ්‍ය දියදොර මෙත්තානන්ද නායක ස්වාමීන් සහන්සේ සමඟ එහි වැඩවසන සාමනේර හිමිවරු සමගින් හිමිවරු 16 දෙනෙකු 2024.01.31 වන දින වැඩම කල අතර, ආරක්ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි එම ස්වාමින් වහන්සසේලා ශ්‍රි පාදස්ථාන පුද බිම වෙත වැඩමවාගෙන යාම සදහා 19 ශ්‍රිලංජාආබමු ඒකකයෙහි 06 කින් යුතු භටපිරිසක් සහභාගිවන ලදි.
30th January 2024 08:00:00 Hours
112 පාබල බලසේනාවේ 73 වන සංවත්සරය 2024 ජනවාරි මස 30 වන දින 112 පාබල බළසේනා මුලස්ථානයේ 53 වන බළසේනාධිපති කර් නල් ඩබ්විලිඒජේ හේමචන්ද්‍ර ආර් එස්පී පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ අධික්ෂණය හා මඟපෙන්විම යටතේ ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි
30th January 2024 08:00:00 Hours
12 වන පාබල සේනාංක බලපදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණූගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොටිටාශයේ ලුණූගම්වෙහෙර ජලාශයේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් එහි වම් ඉවුරේ ව්‍යාප්තව තිබූ අහිතකර ශාක වර්ග ඉවත් කිරීමේ සමාජ සත්කාරක වැඩ සටහනක් 2024.01.29 සිට 2024.01.30 වන දින දක්වා සිදුකරන ලදී.