Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th January 2025 21:27:43 Hours

12 වන පාබල සේනාංක භඨපිරිස් ඩෙංගු මර් ධන වැඩ සටහන සඳහා සහාය ලබාදීම

දිවයින පුරා ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකගේ ඉල්ලීම පරිදි 12 වන පාබල සේනාංකයේ රාජකාරී සිදු කරනු ලබන භඨ පිරිස් විසින් 2025 ජනවාරි 22 සහ 23 යන දිනයන් හිදි හම්බන්තොට බටහිර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශවල නිවාස 897 ක් ආවරණය වන පරිදි ඩෙංගු වැළැක්වීමේ වැඩසටහන සඳහා සහය දක්වන ලදි.

මෙම වැඩසටහන සඳහා සහභාගී වූ භඨ පිරිස් විසින් නිවාස, රජයේ සහ පෞද්ගලික ආයතන, ආගමික ස්ථාන, පාසල් සහ අනෙකුත් පොදු ස්ථාන පරීක්ෂා කරන ලද අතර, ඩෙංගු වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය සහ එහි බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කරන ලදි.මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා 12 වන පාබල සේනාංකයේ භඨ පිරිස් 00x35 ක්, පොලීසිය, වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිහිප දෙනෙකු සහභාගී වූහ.