29th January 2025 15:38:54 Hours
මධ්‍යම පළාත් ඉන්ජිනේරු සේවා දෙපාර්තුමේන්තුව - මධ්‍යම පළාත් සභාව මහනුවර වෙතින් 11 වන පාබල සේනාංක සේනාංකාධිපතිගෙන් ඉංජිනෙරු සේවා දෙපාර්තුමේන්තු කාර්ය මණ්ඩලය වෙත නායකත්වය,පෞර්ෂ වර්ධනය සහ ධානාත්මක චින්තනය යන තේමාව යටතේ දේශනයක් සිදු කරන ලෙස ඉල්ලිමක් කර ඇත.
ඒ අනුව අදාල දේශනය 2025.01.28 වන දින 0930 පැයේ සිට 1230 පැය දක්වා මහනුවර පළාත් ඉංජිනේරු සේවා දේශණ ශාලාවේදි ඉංජිනෙරු සේවා දෙපාර්තුමේන්තුවේ කාර්ය මණ්ඩලයේ නිලධාරින් 100 ක් සඳහා පාළාත් අධ්‍යක්ෂක (ඉංජිනේරු සේවා) ආර් එම් ඒ විජයරත්න මහාතාගේ මුලිකත්වයෙන් 11 වන පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් එම දේශණය සිදුකරන ලදි.