Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th January 2025 21:10:05 Hours

18 ගැමුණු හේවා භඨ පිරිස් විසින් බිබිල අලවත්ත කුඹුර වැව් බැම්ම කැඩීයාම වළක්වයි

මොණරාගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මගපෙන්වීම මත 18 ගැමුණු හේවා බළකායට අයත් භට පිරිස් කරගහවෙල ගම්මානයේ ගොවි ජනතාව සමඟ 2025 ජනවාරි 26 වන දින බිබිල අලවත්ත කුඹුර වැව් බැම්ම ඛාදනය වීම වළක්වා ගන්නා ලදි.

පසු ගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සුළු වශයෙන් හානියට පත් අලවත්ත කුඹුර වැවෙහි පිටවාන, ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් 01X30 ක් සහ ගම්වාසින් 15 දෙනෙකු ගේ සහාභාගිත්වයෙන් වැලි කොට්ට දමා ප්‍රතිසංස්කරණය කල අතර, භට පිරිස් විසින් ගන්නා ලද කඩිනම් ක්‍රියාමාර්ගය නිසා අලවත්ත කුඹුර වැව් බැම්ම ඛාදනය වීම වළක්වා ගැනිමට හැකිවිය.