27th January 2025 21:16:46 Hours
11 වන පාබල සේනාංකය යටතේ ඇති 641 පාබල බසේමු වෙතින් පාලනය වන 4 ශ්‍රීලපාහ ඒකකය විසින් සංවිධානය කරනු ලබන අඩු අදායම්ලාභි පවුල්වල සිටින 2025 ශිෂ්‍යත්ව විභාගයට පෙනිසිටිමට නියමිත සිසු/සිසුවියන් 100 දෙනෙකු සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2025.01.21 වන දින 1030 පැයට 641 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් යුආර්අයිබී රණතුංග ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් සහ විදේශිය පරිත්‍යාගකරුවකු වන කේ සුරේෆ් මහාතාගේ මුල්‍යමය අනුග්‍රාහයෙන් කිරලගොල්ල ප්‍රථමික විද්‍යාලයේදි සිදුකරන ලදී.
මෙම උත්සව අවස්ථාව සඳහා රෙමශ්‍රීලපාහ ලුතිතන් කර්නල් කේපිසිකේ කාරියවසම් ආර්එස්පී 4 ශ්‍රීලපාහ ඒකක අණදෙන නිලධාරි,කිරලගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය හා ගුරුවරුන්, දෙමව්පියන් සහභාගි වන ලදී. මෙම වැඩසටහන සදහා 4 ශ්‍රීලපාහ ඒකකය වෙතින් 02x12 කින් යුත් භටපිරිස් ප්‍රමාණයක් සහභාගිවන ලදී.