29th January 2025 15:47:51 Hours
මහනුවර ලෙක්සිකන් ජාත්‍යන්තර පාසලේ 2025 වර්ෂයේ නව ශිෂ්‍ය නායකයින් 30 දෙනෙකු හට නිල ලාංඡන පැළදවිමේ උත්සවයක් 2025.01.28 වන දින 1400 පැයට එම පාසලෙදි පැවැත්වු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි.
එහිදි විදුහල් පතිනිය සහ ගුරු භවතුන් විසින් ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි සේනාංකාධිපතිව ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව පාසල් බටහිර තුර්යවාදක සංගීත කණ්ඩායම් ගෞරවාචාරය පුදකරමින් විද්‍යාලිය දේශණ ශාලාවවෙත කැටුව රැගෙන යන ලදී. ඉන් අනතුරුව චාරිත්ත්‍රානුකුලව පොල්තෙල් පහන දල්වා උත්සව කටයුතු ආරම්භ කර සේනාංකාධිපති සහ විදුහල්පතිනිය විසින් නවතමයෙන් පත්වු ශිෂ්‍ය නායකය නායිකාවන් සඳහා නිල ලාංඡන පැළදවිම සිදුකරනු ලැබිය. සේනාංකාධිපති, පාසල් ගුරු භවතුන් හා නවතමයෙන් පත්වු ශිෂ්‍ය නායකය නායිකාවන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටිමින් උත්සව කටයුතු නිමාවට පත්විය.