Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

30th November 2024 17:47:41 Hours

12 වන පාබල සේනාංකයේ භඨ පිරිස් ගොඩවාය ධීවර වරාය අසල වැලි බැම්ම ඛාදනය වීම වළක්වයි

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 12 වන පාබල සේනාංක 04X50 ක භට පිරිස් ප්‍රමාණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආපදා ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම සමග එක්ව 2024 නොවැම්බර් 28, 29 වන දින හම්බන්තොට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අම්බලන්තොට ගොඩවාය කලපුවේ මෝය කට වැලි කොට්ට ඇසිරීම මගින් ධීවර වරාය ආරක්ෂා කරමින් භඨ පිරිස් හට මෙම හදිසි අවස්ථාවට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට හැකි විය.