Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st November 2024 08:05:00 Hours

ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලෙහි වර්ණ ප්‍රධානෝත්සවය පැවැත්වීම

11 වන පාබල සේනාංක බළ ප්‍රදේශයේ පිහිටි ගම්පොල වික්‍රමබාහු ජාතික පාසලෙහි 2023 සහ 2024 වර්ෂයන්හි වර්ණ ප්‍රධානෝත්සවය 2024.11.21 වන දින 1330 පැයට එම විද්‍යාලීය පරිශ්‍රෙය්දී පැවැත්වු අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු ආර්එස්පි යුඑස්පි පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගිවන ලදී.

පාසලේ විදුහල්පතිණිය සහ ගුරුභවතුන් විසින් සේනාංකාධිපති ඉතාමත් උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව පාසලේ ශීෂ්‍ය භඨ බලකායේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සම්මාන පෙළ පාලියකින් සේනාංකාධිපති හට ගෞරව ආචාරය පුදකරන ලදි. අනතුරුව එම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 627 දෙනෙකු හට ඔවුන් ඇගයිම වෙනුවෙන් සහතිකපත් බෙදාදීම සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් විසින් සිදුකල අතර, සේනාංකාධිපතිගේ පැමිණිය සනිටුහන් කිරිම වස්, පාසලේ විදුහල්පතිණිය සහ ගුරුභවතුන් විසින් සේනාංකාධිපති හට සමරු තිලිණයක් පිරිනැමීමෙන් අනතුරුව සමුහ ඡායාරූපයකට පෙනි සිටින ලදී.