Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

26th November 2024 08:00:00 Hours

හම්බන්තොට - ගල්වැව විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ සහ පොත්පත් බෙදාදෙන ලදී

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මැදිහත්වීම මත හම්බන්තොට - ගල්වැව විද්‍යාලයේ විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් වෙත පාසල් බෑග් සහ අභ්‍යාස පොත්පත් බෙදාදීමේ වැඩසටහනක් 2024 නොවැම්බර් 22 වන දින එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකරන ලදී.

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේඑස්බීඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට - ගල්වැව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 148 දෙනෙකු සඳහා ඇක්සස් ඉංජිනියරින් පුද්ගලික සමාගමට අනුබද්ධිත සතොස මෝටර්ස් ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් පාසල් බෑග් සහ අභ්‍යාස පොත් බෙදාදීම සිදුකල අතර, එයට සමගාමීව “මනුසත් දෙරණ” වැඩසටහන යටතේ එම පාසල වෙත ව්‍යායාම උපකරණ හා ක්‍රීඩා කට්ටල පරිත්‍යාග කිරිම මෙහිදී සිදුකරන ලදී. තවද, සහභාගි වු පාසල් ළමුන් සඳහා කෙටි ආහාර වේලක්ද ලබාදීමටද කටයුතු සිදුකර ඇත.

මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා, 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, සතොස මෝටර්ස් පුද්ගලික සමාගම සහ දෙරණ "මනුසත් දෙරණ" සම්බන්ධීකරණ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, ගුරු භවතුන් හා කාර්ය මණ්ඩලය, මෙන්ම පාසල් දරු දැරියන් හා දෙමාපියන් මේ සදහා සහභාගි වන ලදී.