Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th November 2024 08:00:00 Hours

පිහිණුම් ශුරතාවලියේ සම්මාන පිරිනැමිම

Kandy Dolphin Swimming Academy වෙතින් දෙවන වරට සංවිධානය කරනු ලැබු පිහිනුම් ශුරතාවලියේ සම්මාන උළෙල 2024.11.24 දින 1600 පැයට මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ පිහිණුම් තටාකයේදි පැවැත්වු අතර, එම උස්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි.

ඒ අනුව අදාල සම්මාන උළෙල සදහා දිවයිනේ සියළු දිස්ත්‍රික් අවරණය වන පරිදි ක්‍රිඩකයින් 1568 දෙනෙකු සහභාගි වු අතර, ඒ අතුරින් දක්ෂතා දැක්වූ ක්‍රිඩකයින් සදහා කුසලාක පිරිනැමූ අතර, ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් දක්ෂතම ක්‍රිඩකයා වෙත සමිමානක් පිරිනමන ලදි.