Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th December 2024 12:30:30 Hours

11 වන පාබල සේනාංකයට අයත් ඒකකයන්හි රාජකාරි නියුතු නිලධාරින් හා සෙසුනිළයින්ගේ දැනුම හා ඉදිරිපත් කිරිමේ හැකියාව වර්ධනය කිරීම සඳහා දේශන පැවැත්වීම

11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 11 වන පාබල සේනාංකයට අයත් ඒකකයන්හි නිලධාරින් හා සෙසුනිළයින්ගේ වත්මන් රාජකාරි කරනු ලබන ප්‍රදේශය පිළිබද හා ඉදිරිපත් කිරීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් ඒකක බළප්‍රදේශයේ පිහිටිම, භූ ලක්ෂණ, ඉතිහාසය සහ ථෙතිහාසික ස්ථානයන් පිළිබඳව මනා දැනුමකින් රාජකාරියේ යෙදවීම යන කරුණු මුලික කර ගනීමින් 2024.12.11 වන දින සිට 2024.12.18 වන දින දක්වා කාලසීමාව තුල සේනාංකාධිපති විසින් බළප්‍රදේශය ආවරණය වන පිරිදි 5(සෙව්)ශ්‍රීලපාහ, 2(සෙව්)ශ්‍රීලංසිරෙ, 1 ශ්‍රීලංරබ සහ 2 ශ්‍රීලංරබ යන ඒකකයන්හි දේශන පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් ඇතුළු සෙසුනිලයින් සහභාගිවිය.