Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

28th February 2025 13:35:42 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) බළ ප්‍රදේශයේ පාසල් ළමුන් සදහා නිව්ඩේල් බිම පැකට් බෙදාදෙන ලදී

යුද්ධ හමුදා සේවාවනිතා සභාපති තුමියගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ මග පෙන්වීම මත ඇන්කර් නිව්ඩේල් සමාගම වෙතින් පරිත්‍යාග කරන ලද බිම පැකට් 2300 ක් ආරක්‍ෂක සේනා (මධ්‍යම) බළ ප්‍රදේශයේ පාසල් ළමුන් සදහා 2025.02.28 වන දින බෙදාදෙන ලදී.

ඒ අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ප්‍රධාන සිවිල් සම්බන්ධිකරන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පාසල් 05 ක සිසුදරුවන් සඳහා ඇන්කර් නිව්ඩේල් බිම පැකට් බෙදාදුන් අතර, එම අවස්ථාව සඳහා විද්‍යාලයන් හී විදුහල්පතිවරු සහාභාගි වූ අතර, ඔවුන් එය ප්‍රසංසනීයව අගය කරන ලදී.