23rd February 2025 22:48:02 Hours
භකාස අණසක (මධ්‍යම) දෙවන ආඥාපති වශයෙන් බ්‍රිගේඩියර් ඒ එම් ආර් අබේසිංහ එන්ඩීසී (නි/62474) යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025.02.13 වන දින සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරී අරභන ලදී. එහිදි ආඥාපති හට ශ්‍රීලයුපොහේබ භටපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් පසු මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රාජකාරී භාරගැනීම සනිටුවහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛණයන්ට අත්සන් තැබීමෙන් අනතුරුව කදවුරු භූමියේ ජෑම් පෙර පැළයක් රෝපනය කිරිමෙන් පසුව සමූහ ඡායාරූපයට පෙනි සිටින ලදි. ඉන් අණතුරුව සියළු නිලයින් ආමන්ත්‍රණය කිරීමට අමතක නොකළේය
මෙම අවස්ථාව සඳහා භකාස අණසක (මධ්‍යම) මානි 1(පාලන/භාකාස), මානි 1 (ප්‍රසම්පාදන) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරිනි ඇතුළු සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.