Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

24th February 2025 23:00:42 Hours

මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සහ වාට්ටු සංකිර්ණයේ තීන්ත ආලේප කිරීම

මහනුවර ජාතික රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයේ සහ වාට්ටු සංකිර්ණයේ තීන්ත ආලේප කිරීම සඳහා යුද්ධ හමුදා සහය ලබාදෙන ලෙස ජාතික රෝහලේ අධ්‍යක්ෂක තුමිය විසින් 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙතින් ඉල්ලීමක් සිදුකර ඇත.

ඒ අනුව සේනාංකාධිපතිගේ මඟ පෙන්වීම යටතේ 11 වන පාබල සේනාංකයේ 15 වන සංවත්සරය දිනයට සමගාමීව 2025.02.12,13,14 සහ 16 යන දිනයන් තුල 01 x 10 කින් යුත් භටපිරිස් ප්‍රමාණයක් රපෝර්තු කරවා තීන්ත ආලේප කිරීමේ මහඟු කාර්යය සඳහා දායකත්වය ලබාදෙන ලදි