27th February 2025 11:52:05 Hours
මොණරාගල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලිමකට අනුව මොණරාගල හේනවල කන්ද රක්ෂිතයේ 2025.02.24 වන දින භූමි ප්‍රදේශයක් පුරා පැතිර යමින් තිබු ලැවු ගින්න 12 වන සේනාංකයට අයත් භඨපිරිස් යෙදවිමෙන් එම ගින්න සම්පුර්ණයෙන්ම නිවා දැමීමට කටයුතු කරන ලදි.
ඒ අනුව 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් එන් හේමරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පි පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්විම මත, 18 ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරිගේ අධික්ෂණය යටතේ ගැමුණු හේවා බළකායේ 18 වන බළඇණියේ විසි පස්දෙනෙකුගෙන් සමන්විත ඛණ්ඩයක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණි ගැනීම සම්පුර්ණයෙන් මැඩ පැවැත්වීමට කටයුතු කරන ලදී.