03rd March 2025 12:32:28 Hours
භකාස අණසක (මධ්‍යම) ආඥාපති බ්‍රිගේඩියර් ඒ එම් ආර් අබේසිංහ එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2025.02.27 වන දින 4 (ස්වේ) රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ සංචාරයක නිරතවිය.
එහිදි 4 (ස්වේ) රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ භට පිරිස් විසින් ආඥාපති හට කඳවුරු පසුකරයාමේ මුරයක් පිරිනැමි මෙන් ගෞරවආචාර්ය පුද කරන ලදී. ඉන් පසු අණදෙන නිලධාරී මේජර් එච් එම් සී සී බී හේරත් යූඑස්පී එල්එස්සී හා සියළු නිලධාරීන් විසින් ආඥාපති උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව කදවුරේ ඉදිරි සැලැස්ම සබැදිව නිලධාරින් සමඟ සාකච්ඡාවක් පවත්වා පැමිණීම සංකේතවත් කරමින් කඳවුරු පරීශ්‍රයේ පැළයක් රෝපණයකර සමූහ ඡායාරූපයකට පෙනීසිටින ලදි.
තවද, අණදෙන නිලධාරී විසින් සියළු පරිපාලන හා තාක්‍ෂණික කරුණු පිළිබඳව දැනුවත් කිරිමෙන් අනතුරුව ආඥාපති නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ සුහඳ කතා බහක නිරත විය.ඉන් පසු අඥාපති අමුත්තන්ගේ සමරු සටහන් පොතේ ප්‍රශංසනීය සටහනක් තබා සංචාරය නිමාවට පත් කරන ලදි.මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිණීයන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගිවන ලදී.