Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th March 2025 12:40:44 Hours

දහම් පාසල් ශිෂ්‍ය නායිකාවන් වෙනුවෙන් නිළ ලාංඡන පැලඳවිම

නාවලපිටිය ශ්‍රි කවීශ්වර වේළුවනාරාම විහරස්ථ ශ්‍රී සුගත ධර්මෝදය දහම් පාසලේ “ජාත්‍රාභිෂේක - 2025” ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවිමේ උත්සවය 2025.03.02 වන දින 0830 පැයට එම විහාරස්ථාන ධර්ම ශාලාවේදි පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යූ කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවිය.

ඒ අනුව එම අවස්තාව සඳහා පැමිණි සේනාංකාධිපති දහම් පාසල් ගුරුභවතුන් සහ දරු දැරියන් විසින් අති උත්කර්ශවත් අන්දමින් පිළිගැනිමෙන් පසු, උත්සව කටයුතු ආරම්භකරන ලදි. එම අවස්ථාව සඳහා දහම්පාසල් ගුරුවරුන්,දරු දැරියන් සහ දෙමව්පියන්ද සහභාගිවිය.