03rd March 2025 15:57:32 Hours
මහනුවර 2025 වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය බෝගම්බර ක්‍රීඩාංගනයේදී 2025.02.28 වන දින අති උත්කර්ශවත් අයුරින් පැවැත්වින. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුතා ලෙස ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියගේ ආරාධනයෙන් 11 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ යු කොඩිතුවක්කු RSP USP psc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි විය.
ඒ අනුව මලල ක්‍රීඩා ඉසව් ගණනාවක් ඇතුළත් වු මෙම ක්‍රීඩා උලෙළට වර්ණවත් තුර්ය වාදක සංදර්ශනයක්ද ඇතුළත් විය. ක්‍රීඩා උලළේදි පාසල් සිසුන්ගේ අලංකාරවත් සරබ පෙළපාලියක් මඟින් ආරාධිත අමුත්තා වෙත ගෞරවාචාර පුදකළේය. තවද,එම අවස්ථාව සඳහා විද්‍යාලයේ විදුහල්පතිනිය, ගුරුභවතුන් ,සිසු දරු දැරියන් සහ දෙමාපියන් සහභාගි වන ලදි.