Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st December 2025 00:20:34 Hours

වැලිමඩ රේන්දපොල නායයෑමට ලක්වූ ප්‍රදේශයේ පුද්ගලයින් සොයා යුද්ධ හමුදා භඨපිරිස් මෙහෙයුම් සිදුකරන ලදී.

දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් 2025.11.29 වන දින රාත්‍රීයේ වැලිමඩ රේන්දපොල ප්‍රදේශයේ නිවාස රැසක් නායයෑමට ලක්වූ අතර, එම නිවාස වල අවතැන් වු පුද්ගලයන් මුදවා ගැනීමට සහ මියගිය අයවලුන්ගේ මළ සිරුරු සොයා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් මෙම බළ ප්‍රදේශයේ ස්ථානගත 1 වන ගැමුණු හේවා රෙජිමේන්තුවේ සහ 23 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 02 X 47 ක භටපිරිස් ප්‍රමාණයක් එම ස්ථානය වෙත රපොර්තු කරවා එහි මුදවා ගැනීමේ කටයුතු 2025.11.30 දින 1430 පැය දක්වා සිදුකරන ලදී. එහිදී පස් ඉවත් කිරීම් කටයුතු පැය 15කට ආසන්න කාලයක් සිදුකර එහි පස් කන්ඳට යටවී සිටි පුද්ගල මළ සිරුරු 07 ක් සොයාගත් අතර, එහි සිරවී සිටි පුද්ගලයින් 13 දෙනෙකු නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් පසු ඔවුන් එම ප්‍රදේශයේ ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරිමෙන් අනතුරුව එම භටපිරිස් නැවත කඳවුරු වෙත රපොර්තු කරන ලදී.