03rd December 2025 10:00:31 Hours
පසුගිය දින කිහිපය තුල පැවති අයහපත් කාලගුණික තත්වය මගහැරීමෙන් පසු ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බළප්‍රදේශයට අයත් 11 පාබල සේනාංකය යටතේ ඇති 641 පාබල බලසේනා මුලස්ථානට අයත් භඨ පිරිස් විසින් මාතලේ රත්තොට ප්‍රදේශයේ විසන්ධි වී තිබූ විදුලි බලය යථාතත්වයට පත්කරමින් පවතින අතර, ඒ සදහා 2025.12.03 වන දින 1 ශ්රීලරංබ ඒකකයේ 01x10 ක භඨ පිරිසක් සහභාගි විය. එදිනම මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට සිට රිවස්ටන් දක්වා ගමන් කරන මාර්ගයේ නිපලෝය ගඟ හරහා පිහිටා ඇති පානීය ජලනල පද්ධතිය නැවත පිළිසකර කිරීමේ කටයුතු සදහා 4 ශ්‍රිලපාහ ඒකකයට අයත් 01x16 ක භඨ පිරිසක්ද, එම දිස්ත්‍රික්කයේම පල්ලේපොල ප්‍රදේශයේ ගමනාගමනය සහ ජලය සැපයීම යථාතත්වයට පත්කිරීම සදහා 5 ශ්‍රීලපාහ ඒකකයට අයත් 01x08 ක භඨ පිරිසක් සහභාගි විය. එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ කරගස්තැන්න සම්ප්‍රේක්ෂණ කුළුණු වෙත ඉන්ධන සැපයීම සදහා සහය දැක්වීමට 1 ශ්රීලරංබ ඒකකයේ 01x08 ක භඨ පිරිසක් සහභාගිවී එම ස්ථානයන් වෙත අවශ්‍ය ඉන්ධන සැපයුම සිදුකරන ලදි.
111 පාබල බලසේනා මූලස්ථානය අයත් මහනුවර දිස්ත්‍රික්කයේ ලූල්කඳුර ප්‍රදේශයේ නායයෑම් හේතුවෙන් ආපදාවට ලක්ව අවතැන්වූ පුද්ගලයින් 27 දෙනෙකු 4 යාපාරෙ ඒකක භඨ පිරිස් විසින් 2025.12.03 වන දින ආරක්ෂක ස්ථාන වෙත රැගෙන ඒමට කටයුතු කල අතර, එම දිස්ත්‍රික්කයේම දන්තුරේ, ඕමැන්ඩල් වත්ත ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීම හේතුවෙන් එම ස්ථානය වැලි කොට්ට යොදා පිලිසකර කිරීමේ කටයුතු 2(සෙව්) ශ්‍රීලංසිරෙ ඒකකය වෙතින් 00x10 ක භඨ පිරිසක් යොදවා සිදුකරන ලදි. එදිනම නායයෑම හේතුවෙන් අවහිරවී තුබූ හතරලියද්ද, මුරුතලාව ප්‍රදේශයේ මාර්ගය පිලිසකර කිරීමේ කටයුතු 2(සෙව්) ශ්‍රීලංසිරෙ ඒකකය වෙතින් 00x10 ක භඨ පිරිසක් යොදවා සිදුකරන ලදි.
112 පාබල බලසේනා මූලස්ථානයට අයත් වැලිමඩ, අඹගස්දෝව ජලය බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ ජලනල පද්ධතිය නැවත පිළිසකර කිරීමේ කටයුතු සිදුකරමින් පවතින අතර, ඒ සදහා සහය දැක්වීමට 2025.12.03 වන දින 23 විපාරෙ ඒකකයට අයත් 00x10 ක භඨ පිරිසක් සහභාගි වන ලදි