Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th December 2025 10:58:03 Hours

11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තනතුරින් නික්ම යාම

11 වන පාබල සේනාංකයේ හි සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකළ මේජර් ජෙනරාල් ටීසීඑම්ජිඑස්ටි කුරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරී 2025.12.05 වන දින 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් නික්ම යන ලදී

සේනාංකාධිපති තුමන් හට 5 (සෙව්) පාබල හමුදා ඒකකයේ භඨ පිරිස් විසින් කඳවුරු මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනැමීමෙන් පසු සේනාංකාධිපති විසින් නියෝජ්‍ය සේනාංකාධිපති හට සේනාංක රාජකාරි භාරදීම්/භාරගැනීම් සිදුකරන ලදී. ඉන් පසු රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනි සිටි අතර, පාබල සේනාංකයේ රාජකාරි කරනු ලබන සියළුම නිලයින් සමග තේ පැන් සංග්‍රහයට සහභාගි වීය. ඉන් අනතුරුව 11 වන පාබල සේමු යටතේ පාලනය වන ඒකකයන් හී රාජකාරි නියුතු සියළුම නිලයින් ඇමතීමෙන් පසු සියළු නිලයින්ගේ සුභ පැතුම් සමගින් කඳවුරෙන් නික්ම යන ලදී