Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd March 2024 17:16:31 Hours

12 වන පාබල සේනාංක බල ප්‍රදේශයේ අඩු අදායම්ලාභී දිළිඳු පවුලක් සඳහා නව නිවාසයක් ඉදිකර දිම

යුද්ධ හමුදාධිපති ගේ උදාර සංකල්පයකට අනුව අඩු අදායම්ලාභී දිළිඳු පවුල් සඳහා නිවාස සාදා දීමේ ප්‍රජාසත්කාර වැඩපිළිවෙලක් බළඇණි මට්ටමින් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව 12 වන පාබල සේනාංකය වෙතින් සාදා දීමට නියමිත දෙවන නිවස ලබාදීම සඳහා මොණරාගල දිස්ත්‍රික්කයේ කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගෝතමීගම ග්‍රාම නිළධාරි වසමේ පදිංචි කුඩා දරුවන් තිදෙනෙකු ඇතුලු පවුලේ සාමාජිකයින් පස් දෙනෙකු ගෙන් යුතු වයි එස් බී තුසිත කුමාර සිල්වා මහතා තෝරාගන්නා ලදී.

ඒ අනුව මෙම නිවස සඳහා මුල්‍යදායකත්වය පුද්ගලික ධානපතියෙකුගේ ධන පරිත්‍යාගයෙන් වන අතර, නිවස සෑදීමේ කාර්යය මෙම පාබල සේනාංකයට අයත් 20 ශ්‍රීලංසිරෙ වෙතින් සිදුකිරීමට නියමිතව ඇත. අදාල නිවසට මුල්ගල තැබීම 2024.03.01 දින උදෑසන සිදුකරන්නට යෙදුනි. එම අවස්ථාවට 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සිඑස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී, 121 පාබසේමු බලසේනාධිපති, 20 ශ්‍රීලංසිරෙ ඒකක අණදෙන නිළධාරි ඇතුලු නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගී වන ලදී. එහි දී කාලින වැදගත්කමකින් යුතු කෙටි අනුශාසනාවක් වැඩමවා වදාළ කතරගම අභිනවාරාම විහාරාධිපති ප්‍රධාන සංඝනායක කපුගම සරණතිස්ස නායක හිමිපානන් විසින් සිදුකරන්නට යෙදුනි.