Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st February 2024 18:07:41 Hours

මිගහකිවුල ජාතික පාසල් ක්‍රිඩාංගනයේ නැනසල පරිඝණක සහතිකපත් හා කුසලතා සහතිකපත් ප්‍රධානය කිරිමේ වැඩසටහන සිදු කිරීම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එස්ආර්බි අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම හා පූර්ණ උපදෙස් පරිදි ආරක්ෂක සේනා මූලස්ථානයේ මධ්‍යම බල ප්‍රදේශය තුල පිහිටි රෑනගල ශ්‍රි වලගම්බා ගිරිලෙන් රජමහා විහාරයේ පූජ්‍ය ගිරිතලේ රවින්ද්‍රාලංකාර නායක හිමිපානන් විසින් යුද්ධ හමුදාධිපති තුමන් වෙතින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව 2024.02.17 වන දින මිගහකිවුල ජාතික පාසල් ක්‍රීඩාංගනයේදි නැනසල පරිගණක සහතික පත් ප්‍රධාන උත්සවය සහ ප්‍රාදේශිය සිසු නිපුණතා ජයග්‍රහකයන් සහ පොසොන් බැතිගී තුලින් ජයග්‍රහනය ලැබු දරුවන් සදහා කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදි.

මෙම උත්සවය සදහා ළමුන් සහ දෙමව්පියන් දෙදහක පිරිසක් සහභාගි වන බැවින් ඔවුන්ගේ ප්‍රයෝජනය සදහා 100x30 ප්‍රමාණයේ පැරබෝලික් මඩුවක් සපයා සවිකිරීමේ කාර්යය ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එස්ආර්බි අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණයෙන් 112 පාබල බලසේනා මූලස්ථානයේ වීරෝධාර රණවිරුවන් සහ 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වෘත්තිය සෙනින්ගේ දායකත්වයෙන් එම අවශ්‍යතාවය ඉතා උසස් අන්දමින් ඉටුකර ඇත.

තවද ආරක්‍ෂක සේනා මූලස්ථානය(මධ්‍යම) යුධ හමුදා කඳවුරු බල ප්‍රදේශය තුල පිහිටි දෝව සිංහල විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් ගේ අධ්‍යනයට වඩාත් හිතකර පරිසරයක් ගොඩනැගීම අභිප්‍රාය පෙරදැරිව එම පාසලේ ඉගෙනුම ලබන සිසුදරුවන් ඔවුන්ගේ දෙමාපියන් සහ රණවිරුවන්ගේ සහභාගීත්වයෙන් 2024.02.17 වන දින විද්‍යාලයේ අවට වල්බිහිවී ඇති පරිසරය සුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.